66(end)

1.9K 237 193
                                    

මාස ගණන් එක දිගට ගෙවිලා ගියේ ජීවිතේ වෙනස්කම් ගොඩක් වෙලා..ජීවිතේට අලුත් මතක ගොඩක් එකතු වෙලා..මතක වලින් අපේ කතාව තවත් දික් ගැස්සිලා..

මන් බල බල හිටපු ඇල්බම් එක වහලා, ඩයරිය අතට ගත්තේ ලෝභ හිතෙන මතක ගොඩක් අස්සේ ලාවට මැකී මැකී එන තීන්ත සුවඳ ඉව කරන්න.පෑන් තීන්ත සුවඳක්ම නොවුන අපෙ මතක වල සුවඳ..අපෙ මතක හරි සුවඳයි..රන්ඩු වුන තැන් වල,හිනා වුන තැන් වල,විහිලු කර ගත්ත තැන්වල, ආදරේ වෑහුන තැන්වල අංශුවක් නෑරම තිබුනේ අපිටම ආවේනික වෙච්ච අපිටම විතරක් දැනෙන අපේම සුවඳක්.

ඩයරියත් පැත්තකින් තියලා හිනායනම වැඩේ අතට ගත්තේ ඒක අස්සෙත් ආදරේ වෑහෙද්දී.

වැදගත් ලියකියවිලි..

මේක අස්සෙ නැති දෙයක් නැතුව ඇති.

ගැම්මෙන් හැදුව ,ජීවිතේට හරියට වැඩ කෙරුව නැති කාලසටහන්, උප්පැන්න සහතික කියලා හදව ගත්තු කොළ කෑල්ල, ටොප් බොටම් කොළ කෑල්ල,යාලුවුන තරහ වුන ලියුම් කෑලි..

ඒක වෙන්න ඇති ආදරණීයම මතක ගොන්න.

මෝඩකමට ,නොදැනුවත්කමට, ආවේගෙට හිතේ තියෙන බයිලා ලියලා අනිත් පාර්ශවෙත් බලෙන් හරි කැමති කරවගෙන අත්සන් දාගත්ත එයාගෙයි මගෙයි ඒකාධිපති උසාවියක් ෆයිල් එකක් අස්සට දාගෙන වැදගත් ලියලියවිලි කියලා සෝභනේට නමක් දාගෙන.

ඒකත් පැත්තකින් තියලා..ඊළඟට ගත්තෙ පයිනස් ගෙඩිය..තිබ්බ විදිහටම නැතත් තැනින් තැන පොතු ගිහින් හරි ඉතිරි වුන තවත් මතකයක්..

ඊ‍‍ලඟට යුකියා.හඩු ගඳ ගහන යුකියා.

අපේ ආදරේ අපිටත් කලින් දැනගත්ත ඒ දිහා සද්ද නොකර බලන් හිටිය තැඹිලි පාට පිටසක්වල ජීවියා.

ඔක්කොම ටික ආයෙත් එකින් එක අහුරලා මන් කණ්නාඩිය ඉස්සරහට ඇවිත් ටීශර්ට් එක ආයෙත් පාරක් හරියට යට කර ගත්තේ ඇඳ උඩ තිබුන ෆෝන් එකෙන් වෙලාවත් බල බල.අද හොස්ටල් එකේ පාර්ටි එක.

'හොස්ටල් සෙට් එක' කියලා වට්සැප් ගෲප් එකක් හදාගෙන දාගෙන හිටිය නම පාටිය නිසා 'නැවත හමුව' විදිහට වෙනස් වුනා.නැවත හමුව අස්සේ එක යුද්ධයයි..සල්ලි එකතු කරනවා..පාර්ටි එකේ අයිටම් ගැන කියවනවා..සැපදුක කියවනවා..ඒක වෙනම ලෝකයක්

SOULMATE(Completed)Where stories live. Discover now