62

822 173 50
                                    

"මේවා ඔක්කොම?"

"ඔව් ඔක්කොම මගෙ."

"කොහෙ ගියත් මේ පිත්තල කෑලිත් ඇරන් යනවනෙ."

"ඕවා කොහෙද පිත්තලෙන් හදලා තියෙන්නෙ.අල්ලන්න අමාරුයි නම් මෙහෙ දීපන්.මගෙ දේවල්."

උදේ නවයට විතර මන්  හිටිය ගෙදරට ඇවිත් බඩු ටික අස් කරන ගමන් ඉන්දැද්දි මෝක්ශ මගෙ සිහිවටනවලට කියපු කඩප්පුලී කතාවට පැත්තකින් ගලවලා තිබ්බ බෙල්ට් එකෙන් ලාවට පාරක් දීලා මන් ඒ ටික පරිස්සමට බෑග් එකේ අයිනකින් ඇහිරුවා.

"මිතුනට කිව්වද මාව හම්බුනා කියලා? ඌ මගෙත් එක්ක තරහ වුනානෙ ඌට කැරි වැඩ කරනවා කිව්වයි කියලා."

"ඌට කිව්වා."

"හවසට ගෙදරට කෝල් එකක් ඇරන් පැහැදිලි කරනවා.ආව්ව්හ්හ්.."

"වැදගත් දේවල් කෝල් එකින් කියන්නෙ නෑ බන්. ගිහින් හම්බෙලා කතා කරන්න ඕන.මන් හිතුවේ එදා තාත්තා මට බැනපු විදියට ඔයා එදාම මාව අතෑරලා ඇති කියලා."

"ඒකද මාව මඟහැරියෙ?"

"ඔව් ඉතින්.අඩුම එකෙක් හරි සතුටින් ඉඳියි කියලා."

"බලන් ගියාම එකෙක්වත් එහෙම ඉඳලා නෑනෙ.."

"ඔව් ඉතින්.අනික මට තරහ ගියා.මන් මොකටද මෙතීශ ඔයාගෙ ජීවිතේ විනාස කරන්නෙ."

"ඔයාට දුක හිතුනද මෝක්ශ ?"

"යැයි යැයි චමයි.හරිනෙ ඔක්කොම..කාර් එකට ගෙනත් දාන්න."

අන්තිමට බඩු මලු ඔක්කොම උස්සගෙන මමයි මෝක්ශයි කාර් එක පිටිපස්සට නැග්ගෙ ඩ්‍රයිවර් අන්කල් හැමදාම වගේ ඉස්සරහට නැඟලා ඉද්දී.

වෙනදා හෙන ගහලා වගේ ගතියකින් බස් එකේ යද්දී බලාගෙන යන සේරම දෙවල් අද අමුතුම උද්‍යෝගෙකින් මාව පහු කරනවා වගේ මට දැනුනේ.

දැන් ඉතින් හෙන ගැහුවත් බයක්  නෑ.

මන් මෝක්ශ ගෙ අතේ ඇඟිලි අස්සෙ මගෙ ඇඟිලි පටලවගෙන එක එක හීන මාළිගා අස්සෙ අතරමං වෙවී ඉද්දී දන්නෙම නැතුව ලාවට ඇස් පියවෙලා ගියා.


















"අලුත....අලුත...මන් ස්කෝලෙ ගිහින් එද්දී ඔයාට අයිස් කීම් එකක් ගෙනාවා."

SOULMATE(Completed)Where stories live. Discover now