ආසම මොහොතවල්, ගෙවාගන්න ලෝභ හිතෙනම මොහොතවල් හරි ඉක්මනට ගෙවිලා යනවලු.
මෝක්ශ රට යන්න තීරණය කරපු දවසෙ ඉඳන් මේ ගෙවිලා ගිය මාස දෙක තුනට මන් විතරක් නෙවෙයි එයත් පුදුම තරම් ලෝභකමකින් ඉන්න ඇති.ඒ නිසාම හිතුවටත් වඩා වේගෙන් ඒ කාලෙ ගෙවිලා ගියා.
අන්තිමට..
අන්තිමට එයා හෙට යනවා.
හතර වටෙන් කලුවර වැටිලා පැත්තකින් එළියක් විහිදෙන හෝල්ට් එකට වෙලා ඇස් වලින් කඳුලු පනින්නම තඩි ඈනුමකුත් ඇර ඇර මන් බලන් හිටියේ මෝක්ශ එනකන්.
ආය අවුරුදු ගානකට එයාව අල්ලනවත් බැරි වේවි.
වෙලාව පාන්දර එකයි හතළිස්පහයි.
වෙන වෙලාවක මෙහෙම තනියෙන් හිටියනම් මොකක් හරි අඩව්වක් නටනවා යක්කුන්ට බයේ.
ඒත් අද මන් බලන් ඉන්නෙ මගෙ යකා එනකන්.
මේ මාස ගානට මන් හරි පරිස්සමෙන් මාවම පාලනය කර ගත්තා.හුළඟ වගේ එන යන මගෙ කේන්තිය දුර දිග ගිහින් තරහ වෙලා නාස්ති කරන එක දවසක් වුනත් අපතෙ යවන්න බැරි නිසා මන් මාවම පාලනය කර ගත්තා.
කොච්චර රන්ඩු වුනත්, ගහ ගත්තත් ඒ හැම දෙයක් අස්සෙම තිබුනෙ ආදරේ විතරයි.අපි දෙන්නගෙ ජීවිතේ ආදරෙන් හුරතල් වුන මතක වලට වඩා අමතක නොවෙනම මතක තිබ්බෙ ආදරේට ගහ බැන ගත්ත,විහිලු කර ගත්ත, දෙන්නට දෙන්නා දෙන්නවම විහිලුවකට ගත්ත, තරහ වුන තැන්වල.
මන් වැටුනම එයා හිනාවුනා,එයා වැටුනම මන් හිනාවුනා.. හැබැයි ජීවිතේ මේ වෙනකන් අපි දෙන්නම දෙන්නගෙන් කාටවත් වැටෙන්න නොදී අල්ලන් හිටියා.මට ඒ අත් දෙක විශ්වාසයි..එයාටත් මාව විශ්වාසයි.ආතල් ගත්ත හැම තැනකම තිබ්බෙ ආදරේ විතරයි.
මගෙ මෝක්ශ.
පොඩි කාලෙ මන් තමයි හොඳම කියලා මෝක්ශට කියලා දහපාරක්ම බලෙන් කියව ගත්ත හැටි මතක් වෙලා මට හිනාවක් ගියා.කිව්වට පාඩු නෑ එහෙම වෙන්න එපැයි.
ඉස්සර ඉදිකට්ට පස්සෙන් නූල යනවා වගේ එයාගෙ පස්සෙන් වැටුන හැටී, ජෑම් ගිල්ලවපු හැටි, තුරුල් වෙලා නිදා ගත්ත හැටි, කෑලැ අස්සෙ රිංග රිංග චූ දාන්න ගියපු හැටි, එයාගෙ රෙදි පවා සෝදලා දුන්න හැටි..
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)