26

998 233 83
                                    

මෝක්ශව බාතෲම් එකට යවලා මන් කුස්සියට  ආවේ අම්මව හොයාගෙන .

"අම්මෙ, මොකක්ද වෙලා තියෙන ප්‍රශ්නෙ..ඇයි ඔයාලා මට මොකුත් කියන්නෙ නැත්තෙ, මන් මෝක්ශගෙන් අහන්නද?"

"පිස්සුද..ඒ ළමයට තියෙන ප්‍රශ්න වලින් පොඩ්ඩක් සැනසීමෙ ඉන්න මෙහෙට ආවම ඒවා මතක් කර වද දෙන්න එපා."

"ඉතින් ඇයි අනේ ඔයාලා මට හංගන්නෙ.."

"හංගන්න දෙයක් නෑ චූටි පුතා මෝක්ශගෙ අම්මා ප්‍රෙග්නන්ට්ලු."

"ආහ්? ඉතින් අම්මා, වයස වැඩි නැද්ද"

"එයාගෙ අම්මට එච්චර වයසක් නෑ.මෝක්ශව හම්බෙලා තියෙන්නෙත් අවුරුදු විස්සෙදිලු.දැන් තිස් හයයි කිව්වා."

ඔව් හැබැයි මෝක්ශගෙ අම්මගෙ පුදුම ලස්සනක් තිබ්බෙ.තාමත් තරුණ පාටයි.

" ගෙදර ප්‍රශ්නයක් වෙලා ඒ අස්සෙ තාත්තා ඩිවෝස් වෙලා.ඒකට මෝක්ශ තාත්තා එක බැනගෙන යද්දී තාත්තා මෝක්ශත් එක්ක රන්ඩු වෙලා."

"ඉතින් ඩිවෝස් වුනානම් මොකටද ඒ ගෙදර අස්සෙ තාත්තා ඉන්නෙ?"

"තාත්තගෙ තව ගෙදරක් තියනවලු ඒක කුලියට දීලා.ඒ මිනිස්සු තව ටික දවසකින් ගියාම මෝක්ශගෙ අම්මටයි,මෝක්ශටයි ඒ ගෙදර දෙනවලු.එතකන් මේ කොල්ලා තාත්තා එක්ක රන්ඩු වෙයි කියලා බයට අම්මා මෙහෙ නැවැත්තුවෙ."

"ඉතින් අම්මා ඩිවෝස් වෙන්න හේතුව මොකක්ද..ඔච්චර සල්ලි තියෙනවා..හැමදේම තියෙනවා..සතුටින් ඉන්න බැරි මොකද?"

"සල්ලිම නෙවෙයිනෙ පුතා හැමදේම කියන්නෙ.මොනාහරි හේතු ඇති.සැනසීමක් ඕනිනම් විඳවනවට වඩා ඩිවොස් වුන එක හොඳයි.ඒත් ඉතින් අර ඉපදෙන්න ඉන්න ළමයට මොනාවෙයිද.."

"හ්ම්ම්"

"දැං ගිහින් ආය ඔය ගැන අහලා ඒ ළමයගෙ ඔලුව අවුල් කරන්නෑ."

මන් සද්ද නැතුව කාමරේට ආවා.මට හිතා ගන්න බෑ මෝක්ශ ඔයා ගැන.ඔයා කොහොමද මේ දේවල් හිතේ තියාගෙන ඉන්නෙ.ඇයි මට මොකුත් කිව්වෙ නැත්තෙ..ශික්..ඇයි මට හොයන්න බැරිවුනේ.එක අතකින් මන් හොයන්නෙ කොහොමද එයා මන් ගාව හිටියෙ නෑනෙ..මට හිතාගන්න බෑ..

SOULMATE(Completed)Where stories live. Discover now