29

906 222 42
                                    

වෙනම ලෝකෙක අතරමං වෙලා හිටපු මට එක පාරටම දැනුනෙ කවුරුහරි බඩට අනිනවා.ඒත් එක්කම මට මතක් වුනෙත් බල බල හිටපු ෆිල්ම් එක නිසා දඟලලා දඟලලා මෝක්ශවත් තල්ලු කරලා මන් අත පත ගගා ලයිට් එක දැම්මා.

"මොකද බන්..."

"මොකද බන් නෙවෙයි යකෝ මොකෙක් හරි මට ඇන්නනෙ."

මන් ඇඳ යටටත් එක්ක ටෝච් ගහ ගහ බලද්දී මෝක්ශ ඔලුවෙ ඉඳන්ම ශීට් එක පෙරවන් කොම්බුවක් වගේ ඇඳේ ගුලිවුනා.

"මේ අද ලයිට් එක දාගෙන නිදාගමු මෝක්ශ."

"තමුසෙට මාව ඇහෙන් නැද්ද."

"මෝක්ශ."

"මෝක්ශ."

මෝක්ශ ශීට් එක අස්සට වෙලා නිදි වගේ ඉද්දී මන් පුලුවන් තරම් කතා කරත් නැගිටින්නෙ නැති පාර ලයිට් එකත් ඕෆ් කරලා ඇ‍ඳට ඇවිත් ටෝච් එකත් පත්තු කරලා පැත්තකින් තිබ්බා.

"මාව අල්ලන්න එපා."

         වෙනද වගේම මන් මෝක්ශට තුරුල් වෙන්න හිතාගෙන එයාගෙ ළඟට යද්දී මාවත් තල්ලු කරලා දාලා මැදින් කොට්ටෙ තියා ගත්තා.
මාත් ආපු තරහටම උඩට හරවලා තිබ්බ ටෝච් එක ඇරන් ශීට් එකෙන් වැහිලා තිබ්බ මෝක්ශගෙ මූන පැත්තට හරවලා නිදා ගත්තා.














"මෙතීශ ආ මේ පේපර්ස් ටික බෙදන්න."

ඉස්කෝලෙ පලවෙනි පීරියඩ් එකේ කෙමෙස්ට්‍රි පේපර්ස් ටික බෙදාගන්න කියලා ටීච මගෙ අතට පේපර්ස් ටික දුන්නම,මන් ඔක්කොටම කලින් මගෙ පේපර් එක ඇරගෙන ලකුණු බලන්නෙ වත් නැතුව එහෙමම නවලා බෑග් එකට දාගෙන අනිත් අයගෙ පේපර්ස් ටික බෙදලා දුන්නා.

"කෝ මුන් දෙන්නා."

මෝක්ශයි,අලුතින් දොලහ වසරට ඇවිත් අපිට සෙට් වුන සහසුයි ටොයිලට් යනවා කියලා ගිහින් දැන් විනාඩි තුනයි තප්පර ගානක් වෙනවා.මුන් දෙන්න මොන මගුලෙ ගියාද දන්නෑ.ශික් ටීචර් කතා කරේ නැත්නම් මාත් යනවනේ.

"ආ...ඔය එන්නෙ ලකුණු දුන්නා."

මන් මෝක්ශගෙ පේපර් එක වන වන පන්තිය ඇතුළට ආපු මෝක්ශටයි,සහස්ටයි කෑ ගැහුවා.

"මෙතීශයා කීයද ලකුණු?"

සහස් මගෙ මූන දිහා බලාගෙන අහද්දී මන් ඇහෙන්නෑ වගේ ඩෙස්ක් එකේ ඔලුව ගහහෙන හිටියා.ඕන්නැති ඇටයක් නෑනෙ මූටත්.

SOULMATE(Completed)Where stories live. Discover now