12

963 236 73
                                    

ඒ.......ඒ මොකද ඒ කරන්නේ....

ගීත් අයියයි,රශේන් අයියයි ඩෙස්ක් එක යටින් අත් දෙකත් අල්ලගෙන පොත් දිහා බලාගෙන හිනාවෙනවා.මන් මකනෙ බිමට වට්ටලා ඒක හොයනවා වගේ නැමිලා තව ටිකක් ඒක දිහා බලාගෙන හිටියා.ඇයි ඒ අත් දෙක මිරික මිරික හිනාවෙන්නෙ.අත් දෙකටත් කිචි ඇති නේ.මෝක්ශ යාලු මගෙත් එක්ක යාලු වුන දවසක මාත් ඔහොම කරගෙන බලන්න ඕන හිනා යනවද කියලා.

මන් කබඩ් එක ළඟට ගිහින් ඒෆෝ කොළ දහයකුයි,ප්ලැටිග්නම් සෙට් එකයි,මෝක්ශ යාලූගෙ අක්කපාන කොළ දාපු පොතයි ඇරගෙන ඇවිත් ආය වාඩි වෙලා.ඒ වගේම පොතක් හදන්න පටන්න ගත්තා.

අඩිරූල ඇරගෙන හැම එකකම වටේට ලස්සනට ෆ්‍රේම් එකක් ගහලා පොතේ විදිහටම මල් වැලක් ඇන්දා.ඊට පස්සෙ එකින් එක ඉංග්‍රීසි කවි ටික ඔක්කොම ලියලා ඒකෙ හිටපු මිනිස්සුන්ගෙ රූප ටිකත් බලාගෙන ඇන්ඳා.මෝක්ශ යාලු එපා කියයිද දන්නෑ මේක.අනිත් අයට පෙනෙයි කියලා ෆයිල් එකකින් වහගෙන හවස් වෙනකම්ම පොත හැදුවා.ඒ ටික ඇඳලා අයියා කෙනෙක්ට දීලා ගානට ස්ටෙප්ලර් කර ගත්තා.දැං හරි.

මන් හදපු පොතයි , පුංචි කැටෙයි,මිස් දුන්න රුපියල් තුන්සීයයි, භාගයක් ඉවර වෙලා තිබ්බ ජෑම් බෝතලෙයි,ඉස්කෝලෙ යාලුවෙක්ගෙ උපන්දිනේට දීලා කන්න අමතක වෙලා බෑග් එකේ තිබුන චොක්ලට් එකයි,මෝක්ශ යාලූගෙ සීයා දුන්න පොතයි ඔක්කොම උස්සන් ගිහින් මෝක්ශ යාලුගෙ ඇඳට දාලා කටුවැඩ පොතත් උස්සන් මැද රූම් එකට ඇවිත් ආයෙත් හැම පිටුවකම මෝක්ශ මන්සි‍ඳු,මෝක්ශ මන්සි‍ඳු කියල ලියන්න පටන් ගත්තා.

හවස තේ බීලා බිස්කට් පැකට් එක කබඩ් එක ඇතුළට දාන්න කබඩ් එකේ දොර ඇරපු ගමන් දෙකට නවපු තනිරූල් කොළයක් ඇවිත් මගෙ කකුල් දෙක උඩට වැටුනා.මන් බිස්කට් පැකට් එකත් කබඩ් එක උඩින් තියලා ඒ කොළේ ඇරන් දිගෑරලා බැලුවා.

______________________________________

ආදරණීය මෙතීශ යාලූ,

           කොට්ටෙ අස්සෙ තිබ්බ ඔයාගෙ ලියුම මට හම්බුනා.ඔයා හොස්ටල් එකෙන් යන්න එපා යාලු..මගෙ හොඳම යාලුවා ඔයා විතරයිනේ.කමක් නෑ මගෙ පොත කැත වුනාට.ඔයා මට හදලා දුන්න පොත ගොඩක් ලසනයි.මන් ඇඬුවෙ තරහ වෙන්න හිතාගෙන නෙවෙයි යාලු දුක හිතුන නිසා.ඔයාගෙ සල්ලියි,කැටෙයි ඔක්කොම මන් ආයෙත් ඔයාගෙ ඇඳට දැම්මා.ජෑම් එකනම් කෑවා.චොක්ලට් එකත් තියාගෙන මන් හොස්ටල් එක පිටිපස්සෙ කබඩ් එක උඩ බලාගෙන ඉන්නවා.ආයෙත් යාලු වෙන්න කැමති නම් එන්න.

SOULMATE(Completed)Where stories live. Discover now