09

1K 228 53
                                    




"ආ. මේ ඇතිනෙ"

"ඇති ඇති"

මිතුන් වතුර බෝතලේ උස්සන් ආවට පස්සෙ මන් වතුර බෝතලේ බිමින් තිබ්බා.

"ආ.........ඕ.......හයියේ ........ මා........"

"දැං ඔයාලත් තුන්පාරක් කියන්න..හැබැයි වචන වරද්දන්න එපා. මන්තරේ වැරදෙයි."

""ආ.......ඕ.....හයියේ..... මා.....""
""ආ.......ඕ.....හයියේ....මා.......""
""ආ.......ඕ.....හයියේ.....මා......""

අපි අපේ සටන් පාඨෙත් කියලා බෝතලේ තුන් පාරක් රවුමට කැරකුවා.

"මන් වන් ටූ ත්‍රී කිව්වම මිතුන් ගිහින් අවතාරෙ ගෙ කොන්ඩෙන් අදින්න ඕනා.ඉතිරි ටික අපි කරන්නම්."

අපි තුන්දෙනත් එක්ක හිමින් හිමින් ගහයට වැටිලා වගේ ඉන්න අවතාරෙ ළඟට ගිහින් වතුර බෝතලේ හලලා සිහිය එනකන් බලන් හිටියා.
ජයබිම සුනඛ අවතාරෙ කෙඳිරි ගගා නැගිට්ටිද්දිම මන් වන් ටූ කියන්න පටන් ගත්තා.වන් කියද්දිම මිතුනගෙ හදිස්සිය වැඩි කමට මිතුනා ගිහින් ජයබිම ගෙ කොන්ඩෙන් අදින්න පටන් ගද්දි අපි දෙන්නත් ටූ ත්‍රී නැතුවම සිහිය ආපු අවතාරෙ ගෙ ඇඟ උඩින් නැඟලා කට හපාගෙන හපාගෙන යන්න හැදුවත් ජයබිම සුනඛ අවතාරෙ අත් දෙකෙන් කට වහහෙන හිටිය නිසා මූනෙ අහුවෙන අහුවෙන තැන් හපාගෙන හපාගෙන ගියා.ඒ අස්සෙ සුනඛ අවතාරෙගෙ නහයත් චරස් ගාලා හැපුනා.

"අම්මේ.....මෙයාලා මට ගහනවා....ඈ.....අම්මේ...අනේ එන්නකෝ......"

අපෙන් බේරෙන්න දඟල ද‍ඟල හිටපු ජයබිම අවතාරෙ එක පාරම නැගිටලා කොන්ඩෙ ඇද ඇද හිටපු මිතුනව ඒ හරියෙ පොල් පැළයක් හිටවන්න කපපු වළකට තල්ලු කරා.

"යාලූ...අවතාරෙ දරුණු වෙලා මන් හිතන්නෙ අපෙ මන්තරේ වැරදුනාද කොහෙද..පේර ගහට නඟිමු."

මෝක්ශ යාලු එහෙම කියද්දී අපි දෙන්නම ලිස්ස ලිස්ස පේර ගහට නැග්ගා.ජයබිම අවතාරෙ ගහ යට ඉඳන් අපිට ගල් ගහද්දී මිතුන් බයවෙලා පොල් වළ ඇතුළෙම කලන්තේ දැම්මා වගේ ඉන්නවා.මූත් කපටිම නෑ.මිතුනා නිසා තමයි අපිත් අමාරුවෙ වැටුනේ.

මෝක්ශ යාලුයි මමයි දෙන්නත් පේර ගැට කඩ කඩ ගහ යට හිටපු ජයබිම අවතාරෙට ගැහුවා.

SOULMATE(Completed)Where stories live. Discover now