"හරි මචන් මට කියපන් කොහෙද හොස්පිට්ල් එක කියලා මන් එන්නම්."
මන් එහෙම්ම ඔෆිස් එකටත් කියලා මෝක්ශටත් මැසේජ් එකක් දාලා, මෝක්ශගෙ අම්මටත් කොල් එකක් දීලා බස් එකට නැග්ගෙ,මෝක්ශට ෆෝන් එක බලන්නවත් ඔලුව උස්සන්න වෙලාවක් නෑ කියලා දන්න නිසා.
ඌ මයි මගෙත් එක්ක තරහ වුනේ.ඌ මයි මාව බ්ලොක් කරේ.හිතේ අවුලක් නම්..අඩුම ඔසඳට නැත්නම් මෝක්ශට හරි කියන්න තිබ්බනේ.මූ ඒවා හිතන්න ගිහින් ද දන්නෑ ඇනගත්තේ.මුගෙත් පණඩිතකම් ඔක්කොම අපිට විතරයි.
මන් බස් එකෙන් බැහැලා ඔසඳ කිව්ව විදිහට හොස්පිට්ල් එකට දුවගෙන ගිහින් මිතුනව බලලා ඩොක්ටර්ව හම්බුනේ මිතුනට තාම සිහිය නැතුව ඉන්න නිසා.
"ඩොක්ටර්, මෙයාට සිහිය එන්න කොච්චර වෙලා යයිද? "
"දැන්ම කියන්න බෑ.ඒත් බය වෙන්න එපා.දැන් ප්‍රශ්නයක් නෑ."
"ආ..එහෙනම් කමක් නෑ."
"හොඳ වෙලාවට ඉක්මනට ගෙනාවේ.මොකද ලේ ටිකක් වැඩිපුර ගිහින් තිබ්බා.බය වෙන්න එපා මැහුම් දැම්මා.බෙහෙත් දෙන්නම්. වෙලාවට දෙන්න.නාන්න දෙන්න එපා ආය මන් කියනකන්.ආය මැහුම් කපන්න කොහොමත් එනවනේ."
"අහ් හරි ඩොක්ටර්."
"ඔයා එයාගෙ ??"
"මන් යාලුවෙක්.හොඳම යාලුවෙක්."
"මෙයාගෙ නම?"
"ඊ.ඩබ්ලිව්.දිල්මින මිතුන් වීරසේකර."
"ඇයි ඩොක්ටර් ?"
මිතුනගෙ නම කිව්ව ගමන් ඩොක්ටර් ට හිනාවක් ගිය නිසා මන් ඩොක්ටර්ගෙන් එහෙම ඇහුවේ උගෙ නමේ අපි නොදන්න හිනා යන කෑල්ල මොකක්ද කියලා හොයාගන්න.
"අහ් නෑ නෑ මට ඔය නමයි තව නම් දෙක තුනක් එක්ක අමතක නොවෙන මතකයක් තියෙනවා."
"ඒ මොකක්ද ඩොක්ටර් ?"
"ඉස්සර ඔය නමම තිබ්බ යාලුවෙක් මට හිටියා.අන්තිමට ඒ යාලුවම තව දෙන්නෙක් එක්ක එකතු වෙලා මාව බය කරලා ඉස්කෝලෙන්ම පන්නලා දැම්මා.දැන් අවුරුදු බර ගානකට කලින්.හුඟක් පුංචි කාලෙ.ඒක මට තවම මතකයි."
"ම්ම්..මේ..මේ...ඩොක්ටර්ගෙ නම??"
"මම එස්.එම් ජයබිම ලංකා සිටිසේකකර."
![](https://img.wattpad.com/cover/333355364-288-k326520.jpg)
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)