එයා වගේම මමත් අපි දෙන්නගෙ පොඩි මතකයක් වුනත් දියමන්තියක් ලැබිලා වගේ පරිස්සම් කරා.

ඩයරි එකත් පරිස්සමට කබඩ් එකෙන් ගිහින් තියලා මන් මෝක්ශට කෝල් එකක් ගත්තේ බිසී වැටෙද්දී.මූ මාව බ්ලොක් කරලා වත්ද.

එයාට පුලුවන් නම් මාව බ්ලොක් කරන්න..මටත් පුලුවන් එයාව බ්ලොක් කරන්න.මාත් අනිත් පැත්තට මගෙ ෆෝන් එකෙන් මෝක්ශගෙ නම්බර් එක බ්ලොක් කරලා දැම්මා.

"පුතා ... ඉක්මනට මේ දොර අරින්න...පුතා...."

"චූටි අයියේ...."

මල්ලියි අම්මයි දොරට ගහ ගහ කෑ ගහද්දී මන් දඩිබිඩි ගාලා දොර ඇරියේ ඒ පාර මොකක් වෙලාද කියලා හිතන ගමන්.

"ඇයි අම්මා.."

"රිසාල්ට්ස් ඇවිත් ළමයෝ..ඉන්ඩෙක්ස් නම්බර් එක කියන්න ඉක්මනට."

"අයියේ ඉක්මන් කරනවා ඕයි..තමුසෙගෙ කෙරුවාව බලාගන්න."

"ඉක්මනට දෙන්න පුතා..තාත්තා කෝල් කරලා කිව්වේ."

"අනේ අම්මේ මට නිදහසේ ඉන්න දෙන්නකෝ.."

"අයියේ..ඉක්මන් කරනවා..සුන්දරයෝ..... වරෙන් බොසා අපේ ගෙදර.. තමුසෙගෙ සුදු අයියගෙ රිසාල්ට්ස් ඇවිල්ලා..."

"පුතා කියන සිංහල තේරෙන්නෙ නැද්ද?"

"මට මතක නෑ."

"අයියා බයේ... හූ... හූ....සුන්දර මෙහෙ වරෙන් බන්..මරු ෆිල්ම් එක."

"තාත්තට ඇරන් කියනවා මන් හැබැයි..ඉක්මනට දෙන්න.."

"ඔව් අයියේ ඉක්මනට දෙනවා.මූ මඟුල් නැටුවනෙ අම්මේ ඇටෙන් පොත්තෙන් එද්දීම මෝක්ශ අයියවත් අල්ලගෙන.දෙනවා ඔය නම්බර් එක තමුසෙගෙ කෙරුවාව බලාගන්න.අම්මෙ මෝක්ශ අයියටත් ඇරන් බලන්නකෝ.මූ නැතත් මෝක්ශ අයියා නම් පාස් වෙලා ඇති."

"අනේ දෙයියනේ..පලයල්ලකෝ හැමෝම..මගෙ ඔලුව කන්නෙ නැතුව..මට නිදහසේ ඉන්න දෙන්නකෝ.."

"මේ....මිනිස්සුත් කෝල් ගන්නවා රිසාල්ට් අහන්න..

හෙලෝ අක්කේ..ඔව් ඔව් මේ බලන්න යන්නේ.."

කාමරේ අස්සෙ එකම යුද්ධයක් වෙද්දී මගෙ ඉහින් කණින් දාඩිය දාගෙන එන්න ගත්තේ මොනා වෙලාද කියලා හිතද්දී.ඒ මදිවට අත් කකුල් පවා වෙවුලන්න ගත්ත නිසා මන් ඇඳෙන් වාඩි වුනේ මල්ලි සුන්දරයව එක්කන් එන්න දුවද්දී.යකෝ හරියට නිකන් කොටහලු වුනා වගේනෙ මේ මිනිස්සු හැසිරෙන්නෙ. අර වැඩේ කරද්දී වත් මෙච්චර බය හිතුනේ නෑ හත්වලාමේ.

SOULMATE(Completed)Where stories live. Discover now