මන් මෝක්ශ දිහා බලාගෙන කිව්වේ බස් එක තව විනාඩි දෙකකින් තුනකින් ආයෙත් යන්න යන නිසා.

"ම්ම්...මේ....එහෙනම් මන් යන්නම්..පරිස්සමට ගිහින් මැසේජ් එකක් දාන්න.පුලුවන් වුනොත් කෝල් එකක් දෙන්න."

මෝක්ශ මගෙ අතත් හයියෙන් මිරික මිරික කලබලෙන් වට පිට බල බල එහෙම කියද්දී මාත් එයා දිහා බලාගෙන හිටියා..හරියට කල්ප කාලාන්තරයකින් දකින්න බැරි වෙයි වගේ.

එයාට වගේම මටත් ඕනි අවසාන වතාවට හාදුවක් තියලා යන්න වුනත් බස් එක පුරාම මිනිස්සු පිරිලා හිටිය නිසා ඒ වෙනුවට එයා මගෙ අත තදට මිරිකන්න පටන් ගත්තා.මාත් යන්න යන්න කිය කියම එයාගෙ අත ගලවගන්න බැරි වෙන්නම මගෙ අතෙන් පටල ගත්තා.

"මන් ඔයාට ගොඩක් ආදරෙයි..මාව විශ්වාස කරන්න මෝක්ශ."

මන් එයා දිහා බලාගෙන එහෙම කිව්වම එයා ආයෙත් පාරක් වටපිට බලලා මගෙ අතට තොල් දෙක තද කරේ මගෙ ඇස් වලට වගේම ඒ ඇස් වලටත් කඳුලු පිරිලා තියෙද්දී.

"මේක තියාගන්න..

මෝක්ශ කලබලෙන් වගේ එයාගෙ බෑග් එකෙන් එළියට ගත්ත කවරෙ ගැලවෙලා ගිය පරණ ඩයරි එකක් මට දෙද්දී මන් ඒක බෑග් එකට දාගෙන එයා දිහා බැලුවා.

"යන්න මෝක්ශ.."

"ම්ම්..මේ..වතුර බෝතලේ..වතුර බෝතලේ වතුර තියෙනවද මෙතීශ?"

"ඔව්."

"බඩගිනි වුනොත් කන්න මොනාහරි ගන්න සල්ලි.."

"මට සල්ලි තියෙනවා ළමයො.ඔයා දැන් බැහැලා යන්න..නැත්නම් ඔයාටත් අද මෙහෙමම යන්න තමයි වෙන්නෙ."

"එහෙනම් මන් යන්නම් මෙතීශ."

"පරිස්සමට ගෙදර යන්න ඔයත්."

"අ..අර පයිනස් ගෙඩිය දාගත්තද..ඔක්කොම දේවල්..මොකුත් අමතක වුනෙ නෑනෙ.."

"නෑ නෑ ..ඔක්කොම තියෙනවා ඔයා දැන් යන්න මෝක්ශ."









"මල්ලි ඔයත් යනවද?"

"අහ් න් නෑ නෑ අයියේ.."

"එහෙනම් බහින්න අනිත් මිනිස්සුන්ට ඉඩ නැති වෙනවනෙ."

කොන්දා එහෙම කෑ ගහන්න ගත්තම මෝක්ශ මගෙ අත තව ටිකක් තදට අල්ලගෙන නැගිට්ටේ අඩුම තරමෙ වෙනදා වගේ බදාගන්න වත් අපිට නිදහසක් නැති වෙද්දී..

SOULMATE(Completed)Where stories live. Discover now