"අශ්.."

අශාන් අයියට කතා කරන්න ගිය මම එහෙමම අනිත් පැත්ත හැරිලා ඇඟිලි තුඩු වලින් අපෙ ගෙදරට දුවගෙන ආවේ දැකපු දේ හින්දා ඇඟත් හිරිවැටිලා ගිය නිසා.

"ඇයි ?"

"මෙතීශ.."

"මොකද බය වෙලා."

"මොකද බන්?"

"මෙතීශයා.."

දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිත් මන් පුටුවකට කඩන් වැටුනම කෝල් එකක හිටපු මෝක්ශ ෆෝන් එකත් පැත්තකට දාලා මන් ළඟට දුවගෙන ඇවිත් මට කතා කරද්දී මන් ඇස් දෙකත් තද කරලා පියා ගත්තා.

"මෙතීශ මොකද වුනේ කියපන් මාව බය කරන්නෙ නැතුව."

"අයියෝ...හෙමීට කෑ ගහනවකෝ මෝක්ශ."

මන් මෝක්ශගෙ කටත් අතකින් තද කරගෙන මෝක්ශව ඇඳගෙන කාමරේට ආවා.

"අශාන් අයියා නිමේශා අක්කට කිස් එකක් දුන්නා ."

මන් එළිය බල බල මෝක්ශ ට රහසින් කියද්දී මෝක්ශ මාව ගණන් ගන්නෙවත් නැතුව සාලෙට ගියේ ආයෙත් කෝල් එක ගන්න.

අනේ ලැජ්ජාවෙ බෑ හත්වලාමේ.. නිමේශත් බලපල්ලකෝ බබා වගේ ඉඳගෙන..ඊ....ලැජ්ජාවේ බෑ .මටමයිනෙ ඔහොම මඟුලක් දකින්න සෙට් වුනොත් සෙට් වෙන්නෙම ශිහ්..

මන් ආයෙත් සාලෙට ඇවිත් මෝක්ශට එහාපැත්තෙන් වාඩිවෙලා හේත්තුවක් දාගත්තේ මෝක්ශ ගෙදරට වීඩියෝ කෝල් එකක් ගද්දී.අම්මා කෝල් එක ඇරගෙන සුදු මැණික අතට ෆෝන් එක දීලා කොහෙ හරි යද්දී සුදු මැණික ෆෝන් එක පුරාවටම කෙළ නාවන්න ගත්තේ ඇතුළෙන් පේන අපි දිහා බලාගෙන.

"ආයා ..... ආය..."

"සුදු මැණික කොහොමද.."

"ඕ..."

"සුදු මැණික එයා නෙවෙයි මේ මන්..මන් දිහා බලන්නකෝ...මේතීශ අයියා කියන්න."

"පු ටා.."

"පුටා නෙවෙයි කොල්ලො..මට සුදු අයියා කියන්න එහෙනම්."

"පු..ටා.."

පුටා පුටා කිය කිය ඉද්දිම සුදු මැණික අතින් මොකක් හරි වෙලා කෝල් එක කට් වෙලා යද්දී මන් මගේ බූරු පැටියව තුරුලු කර ගත්තේ එයා ආයෙත් ගෙදරට කෝල් එකක් ගනිද්දී.




















SOULMATE(Completed)Where stories live. Discover now