"චූටි අයියේ.....මන් ඔයාට රහසක් කියන්නද?"

"මොකක්ද?".

"සුදු අයියා එක දවසක් මට කිව්වා ඔයා හිනාවෙවී මැසේජ් කරන්නෙ එදා ගෙදරට ආපු අයියටද කියලා බලාගෙන එන්න කියලා..මට ලොලිපොප් එකක් අරන් දෙනවයි කිව්වනේ..
ආය කිව්වා ඔයා ෆෝන් එක අරිද්දී.. මට ඒ ගහන අර රහස් වචනෙ කියන එක බලාගෙන එන්නත් කියලා..මට ඒවා මතක හිටින්නෙ නැති නිසා එක අංකෙ ගානෙ මතක තියාගෙන ඇවිත් සුදු අයියට කිව්වම එයා ඒවා කොළේක ලියාගත්තා..ඔයා හැමදාම හවසට නාන්න බාතෲම් එකට යද්දී එයා මාවත් එක්කන් ඇවිත් ෆෝන් එකේ එක එක ඒවා බලනවා.."

සුන්දර සාලෙට වෙලා එක දිගට කියවගෙන කියවගෙන යද්දී මන් හීනෙන් වගේ ඔක්කොම ටික අහගෙන හිටියා.දැන් ෆෝන් එක ඇරන් ගියේ එතකොට....

"සුන්දර, මොනාද ඔයාලා බැලුවේ.."

"අපි බැලුවේ එදා අර අයියට ෆොටෝ යැව්වේ..අන්න ඒකෙ තිබ්බ මැසේජ්..ආ...ආය ඔයයි ඒ අයියයි උම්මා එකක් දීගෙන ඉන්න ෆෝටෝ ගොඩා...ක් සුදු අයියා මට පෙන්නුවා."

ඉවරයි..දෙයියනේ...ඉවරයි...මන් මොකද කරන්නේ.....අනේ...දෙයියනේ....

කොහෙවත් නැති චූ බරකුත් එක පාරටම ලෝඩ් වෙද්දී තාත්තා හිටපු කාමරේ දොර ඇරුනා.

"මෙහෙ එනවා."

"මමද?"

"ඔව් ඔව් උබ තමයි."

තාත්තා මට ළඟට කතා කරද්දී මන් බයෙන් බයෙන් වගේ කකුල් දෙකත් පටලව පටලව කාමරේ ළඟට ගියා.පැත්තකින් මල්ලිත් සුන්දරට ඔරව ඔරව ඉද්දී මන් තාත්තයි මායි අතරේ තිබ්බ පුටුවක් පිටිපස්සෙන් ගිහින් හිට ගත්තා.

"මේ මොකක්ද ? එතකොට මේ ෆොටෝ මොනවද ?"

"ඒ මේ නිකන් ගහපු ඒවා.."

"එතකොට මොනාද මේ උබලා දෙන්නා මැසේජ් කරගෙන තියෙන්නෙ."

"ඒ නිකන් විහිලුවට වගෙ තාත්තා.."

"ආ ඒකත් විහිලුවට..ඒතකොට මේ අර කොල්ලා එවලා තියෙන වොයිස් මැසේජුත් බොරුවට? එහෙමනේ ?"

"ඔ..ඔව් තාත්තා."

තාත්තා එක දිගට මගෙන් ප්‍රශ්න අහහෙන අහගෙන යද්දී මන් පුටුවත් පිටිපස්සට ඇඳ ඇඳ හිමීට පිටිපස්සට යන ගමන් තාත්තට උත්තර බඳිද්දී අම්මත් එතනට ආවා.

SOULMATE(Completed)Where stories live. Discover now