"ටොක් ටොක්"

දොරට තට්ටු කරන සද්දයක් ඇහෙද්දී මන් හිමීට ඇස් දෙක ඇරලා වටපිට බැලුවා.ලා අව් රැල්ලක් ජනෙල් තිර අස්සෙන් කාමරේ බිමට වැටිලා තියෙද්දී මාව නිකන් කරකවලා අතෑරියා වගේ වුනා.

මේ හවසද?

මන් ඔලුවත් කස කස ඇඳ උඩ වාඩිවෙලා කල්පනා කරා.ඒ අස්සෙ මෝක්ශගෙ එක අතක් ඇඳෙන් පහලට එල්ලිලා බිම ගෑවෙනවා.අත පය හතර දික් උනාම ඔහොම වෙනවා.මන් මෝක්ශගෙ අතත් ආය උඩින් තියලා මේ මොන වෙලාවද කියලා කල්පනා කරා.

හවස වෙන්න බෑ....හවස අපි නිදා ගත්තෙ නෑනේ..

"ටොක් ටොක්"

ආයෙත් දොරට තට්ටු කරද්දි මන් ෆෝන් එක ඇරන් වෙලාව බැලුවා.

"හුටා...දෙයියනේ..."

"මෝක්ශයා...ඒ නැගිටිනවා...මේ අටයි වෙලාව යකඩෝ......."

දෙයියනේ ...එතකොට අපි මේ...ඊයෙ රෑ නිදා ගත්ත පාරද ..ඒත් අපි එලාම් තිබ්බනෙ..

"මෝක්ශයා...අපිට ඉස්කෝලෙ යන්නත් බැරිවුනා ගොනෝ..නැගිටපන්කෝ....හුකු හුකු ගගා තවත් ගුලිවෙන්නේ.."

"මොකක්.."

මන් මෝක්ශට කෑ ගැහුවම මෝක්ශත් කරන්ට් එක වැදිලා වගේ නැගිටලා ඇඳෙනුත් බිමට පැන්නා.

"අඩේ දැන් මොකද කරන්නේ.."

මෝක්ශ අත් දෙකෙන්ම කොන්ඩෙත් ඇද ඇද අහද්දී මන් කරන්න දෙයක් නැති කමට ඔහේ බලාගෙන හිටියා.

ශික්...අපරාදේ ඊයෙ අර කොල්ලො දෙන්නගෙ ආදර පලහිලව්වක් බලන්න ගිය නිසා තමයි සේරම..

"ටොක් ටොක්"

ආයෙත් දොරට ගහද්දි මෝක්ශ ගිහින් දොර ඇරියා.

"පුතා අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද බලන්න ආවෙ.කන්න ආවෙත් නෑ..."

"ආ ඔව් මේ අන්කල් පොඩි උණ ගතියක් ආවා ඒකයි..මේ.."

"දෙන්නටම අසනීපද?"

"ඔව් මේ මෙතීශටත් පොඩ්ඩක් විතර උණ ගතිය එනවා යනවා වගේලු.."

"අමාරු වුනොත් කියන්නකො බෙහෙත් ගන්න යමු."

අන්කල් යන්න ගියාම මෝක්ශ ඇවිත් ජනේලේ ඇරලා දැම්මා.මන් තාමත් ඇද උඩ වාඩිවෙලා වෙච්ච දේ කල්පනා කරනවා.අරුන් දෙන්නා වත් අපිට කතා කරේ නෑනේ.

SOULMATE(Completed)Where stories live. Discover now