බස් එක ටික වෙලාවකින් යන්න පටන් ගත්ත නිසා මන් මෝක්ශගෙ  ඉයර්ෆෝන් එකත් ඇරගෙන එකක් මෝක්ශගෙ කණට ගහලා අනිත් එක මගෙ කනෙන් ගහගෙන මෝක්ශගෙ ෆෝන් එකෙන් සිංදුවක් අහන්න පටන් ගත්තා.

"එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා"

මන් සිංදුවේ හැඟීම ගන්නත් එක්ක භාගෙට ඇරලා තිබ්බ ජනෙල් ග්ලාස් එක තව ටිකක් අරින්න හැදුවා.අප්පා....මේක එහාට යවන්නත් බෑ මෙහාට යවන්නත් බෑ මැද්දෙ හිරවෙලා..කලින්ම දැන ගත්තනම්.වෙන සීට් එකකට යන්න තිබ්බා.

මන් ඈත බලාගෙන හුළඟෙ යන කොන්ඩ කෑලිත් මෝක්ශට පේන්නම අතින් හද හද හිටියා.එහෙම කොන්ඩෙ හදද්දී නම් මන් සෙතුල්ට වඩා ලස්සනයි.

මන් හෙමීට මෝක්ශ දිහා බැලුවෙ මෝක්ශ මන් දිහා වශීවෙලා වගේ බලාගෙන ඉන්න හැටි බලන්න.

මේ මොකද මේ...අපරාදෙ මන් කොන්ඩෙ හැදුවෙ.මේකා ඇස් දෙකත් පියාගෙන නිදිනේ.

"ඒ..ඒ."

"ම්ම්"

"නිදිද?"

"ම්හ්."

"එහෙනම් මොකද අනේ පොඩ්ඩක් ආතල් එකේ යන්නකෝ මන් වගේ."

"හ්ම්ම්."

අපරාදෙ මේ බුරූවා එක්ක බස් එකක සතුටින් යන්න හීන මැව්වෙ.මූ ඊයෙ රෑ එළිවෙනකම් සෙතුලයත් එක්ක ලව් කරලා වෙන්න ඇති දැන් නිදාගෙන ඉන්නෙ.

මන් ආයෙත් බස් එකෙන් එළිය බලාගත්තා.දැන් නම් හුළඟ ඕනවටත් වඩා වැඩී වෙද්දී මගේ ඇස් දෙක හුළං පාරෙ සැරට ඉරි කෑල්ලක් වගේ වෙලා,නහයත් ඇකිළුනා.මේක වහන්නත් බෑ හිරවෙලානෙ.

ඕන එකක් කියලා මන් ඇස් දෙකත් ඉරි කෑල්ලක් වගේ චූටි කරගෙන එළිය බලා ගත්තා.එක පාරටම කොහෙන්දෝ ආපු වතුර බිංදු ටිකක් මූනට වැදුන නිසා මන් ඇස් දෙකත් හොඳටම ඇරලා කවුද කියලා බලන්න ඔලුව තව ටිකක් ජනේලෙ පැත්තට කරා.එතකොට කලින් සැරේටත් වඩා වතුර බිංදු ගොඩක් ඇවිත් මූනට වැදුනා.

SOULMATE(Completed)Where stories live. Discover now