එයාට අලුත් strength එකක් ලැබුනා. එයාගේ mateගේ ලේ, එයාගේ නහර දිගේ ගලන් යනවා. ඒවා ගොඩක් රසයි. කවුරු හරි ටේහ්‍යුන්ග්ගෙන් ඇහුවොත් ලෝකේ ආසම මොනාටද කියලා ටේහ්‍යුන්ග් දෙපාරක් නොහිතා කියයි ඒ ජන්කුක්ගේ ලේ වලට කියලා.

ලේ රස, සුවද තවමත් දැනෙනවා.. එයාගේ මත් ගතියෙන් මිදෙන්න මේ cigarette එක ටේහ්‍යුන්ග්ට උදව් කරනවා.

ටේහ්‍යුන්ග් පාර දිහා බලාගෙන ලොකු සතුටකින් හිටියේ.
ඒත් එකපාරම ටේහ්‍යුන්ග්ට ඇහුන සද්දේ හින්දා ටේහ්‍යුන්ග්ගේ ඇස් පාරේ එහාපැත්තේ හිටන් ඉන්න දෙන්නෙක් දිහාට හැරුනා.

ඒ යුන්ගී , ජිමින් පාර එහාපැත්තේ හිටගෙන ඉන්නවා.

Yg-" hey........ හ්‍යුන්ග් .."

යුන්ගී පාර එහා පැත්තේ ඉදලා අත වැනුවා. ටේහ්‍යුන්ග් බැල්කනියේ උඩ ඉදලා පාරේ හිටන් ඉන්න යුන්ගිට අත වැනුවා .

Yg-" දැං ඔයාගේ අසනීපේ කොහොමද ? "

ටේහ්‍යුන්ග් හිනාවෙලා යුන්ගී , ජිමින් දිහා බැලුවා.

TH-" දැං සම්පුර්ණයෙන් හොදයි "

Yg-" අද උදේ එනකොටත් ඔයා හොදටම සුදුමැලි වෙලා හිටියේ , කතා කරන්නවත් පන නෑ..
ඒත් දැං.. "

යුන්ගී පුදුමෙන් වගේ හිනා උනා.

TH-" ඔයා එවපු breakfast එක හින්දා ඉක්මනින් හොද උනා ... "

ඔකේ.. ටේහ්‍යුන්ග් ඒ විහිලුවට කියන්න ඇත්තේ, යුන්ගී එහෙම හිතලා ටේහ්‍යුන්ග් දිහා බැලුවත් ජිමින් තවමත් එකම මූනෙන්.

Jm-" ජන්කුක් baby කෑම එක දීලා ගියාද ? "

TH-" ඔව්.. එයා මට ඔයා හදපු පෑන්කේක් දුන්නා ජිමින්... "

Jm-" එයා කීයටද ගියේ ? මං කියන්නේ එයා දැං collage යන්න ඇතිනේ... තවම එයාට මේ පාරවල් හුරු නෑ ඒක~~~"

TH-" ඔහ්.. බය වෙන්න එපා ජිමින්.. පුංචි luna ගොඩක් talented . ඉක්මනින් දේවල් වලට හුරු වෙනවා, ඒ වගේම ඔව්.. එයා දැං ඇත්තේ එයාට අදාල තැන...  "

' එයාට අදාල තැන.. මගෙ ඇද උඩ '

ටේහ්‍යුන්ග් , ජිමින් දිහා බලලා හිනා උනා. ඒත් මොකද්දෝ හේතුවකට ජිමින්ට ටේහ්‍යුන්ග්ගේ වචන වලින් සැනසීමක් දැනුන් නෑ. හැමදේකටම පස්සේ ජිමින් කියන්නේ ජන්කුක්ගේ mumma.

The Choice Tahanan ng mga kuwento. Tumuklas ngayon