ටේහ්‍යුන්ග්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග්ට ඕනේ හැමදාම ජන්කුක්ව තුරුල් කර ගන්න තමා. එයාට ඕනේ මැරෙනකන් ජන්කුක් එක්ක ජීවත් වෙන්න තමා.

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ කදුලු පිරුණු ඇස් ඉස්සරහා දුර්වල වෙනවා වගේ දැනුනා . එදා ටේහ්‍යුන්ග්ට උනෙත් මේක.. මේ හේතුව හින්දයි ජන්කුක් සිහිය නැති වෙලා ඉන්න වෙලාවෙම ටේහ්‍යුන්ග් ජන්කුක්ව දාලා යන්න හේතුව.

ජන්කුක්ගේ මේ හැසිරීමට ජන්කුක්ට විරුද්ද වෙන්න බෑ. ජන්කුක් , ආයෙත් අඩලා එයා ලග නවත්තන්න කිව්වොත් ටේහ්‍යුන්ග්ට එයා ලග නවත්තන්න තරම් හිතෙයි. ඒ තරම්ම ටේහ්‍යුන්ග්ගේ හිත ජන්කුක්ගේ කදුලු ලග දුර්වල වෙලා තියෙන්නේ .

ටේහ්‍යුන්ග් , එක අතකින් ජන්කුක්ගේ කම්මුල අත ගෑවා. අනිත් අතින් ජන්කුක්ගේ අතේ ඇගිලි පිරි මැද්දා.

TH-" මගෙ~~~"

ටේහ්‍යුන්ග් අසිහියෙන්ම මොනවා හරි ජන්කුක්ට කියන්න උත්සහ කරත් ටේහ්‍යුන්ග්ගේ අතේ මොකක් හරි දැවටුන හින්දා කියාගන්න බැරි උනා . ටේහ්‍යුන්ග් හරි සිහියට ආවේ ඒ මොකද්ද කියලා තේරුන හින්දා.

ඒ මුද්ද... ජන්කුක්ගේ වෙඩින් ring එක.

ටේහ්‍යුන්ග්ට එක තප්පරේකට අමතක වෙලා තිබ්බේ, ජන්කුක් marry කරලා.. එයාට දැං බබෙක් ඉන්නවා කියලා.

ඒත් ඒ මුද්ද අතේ වදිනකොට ටේහ්‍යුන්ට මතක් උනා. ඒ එයා ආදරේ කරන ජන්කුක් තවදුරටත් 'එයාට අයිති නෑ ' කියලා.

Tg-" පපා........."

දෙන්නටම ඇහුනා, පුංචි ටේගුක් බබාගේ හඩ එයාලගෙ පැත්තට එනවා.

L-" baby... ඉන්න... යන්න එපා..."

ඒ එක්කම ඇහුනා ලුසීගේ හඩත් .

Tg-" පපා....."

එකපාරම , පුංචි ටේගුක් කාමරේ දොර ගාවට ඇවිත් හිටගෙන නතර උනා. කාමරේ ඇතුලට ආවේ නෑ.

Tg-" පපා...  මට ඇතුලට එන්න පුලුවන්ද ? "

ජන්කුක් , ටේගුක් දිහා හැරිලා බැලුවා.

Jk-" පපා මොකද්ද මීට කලින් කියලා තියෙන්නේ ?..."

Tg-" මේ කාමරේට එන්න එපා කියලා.. "

Dosen't belong loveWhere stories live. Discover now