€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================ජන්කුක්ගේ ඇග වෙව්ලනවා . සීතලට තෙමිලා. ඒත් ටේහ්‍යුන්ග්ගේ තෙමුන ජැකට් එක ජන්කුක්ගේ ඇග වටේ එතිලා. තවමත් කෝපි කෝප්පෙන් දුම් දානවා
දැං ටිකක් වටපිටාව කලුවරයි. ඒත් ලයිට් දාලා හින්දා එයා වාඩි වෙලා ඉන්න තැන එලියයි.
ජන්කුක් වචනයක්වත් කතා නොකර බිම බලන් හිටියා.
TH-" දැංවත් ඕක බොන්න... ඔයා අසනීප වෙයි... සීතලයි.... "
ටේහ්‍යුන්ග් , බිම බලන් ඉන්න ජන්කුක් දිහා බලන් කිව්වා.
ජන්කුක් ඔලුව වනලා කෝපි කෝප්පය අතට අරන් ටික ටික තොල ගාන්න ගත්තා.
එයාලා මේ රෙස්ටුරන්ට් එකට ඇවිත් දැං පැය බාගයක් විතර. ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක හොදටම තෙමි තෙමි සිපගත්තා. පස්සේ ටේහ්‍යුන්ග් , ජන්කුක්ව අරගෙන ලග රෙස්ටුරන්ට් එකට දුවන් ආවේ තවත් වැස්සට තෙමුනොත් අසනීප වෙන හින්දා.
ටේහ්‍යුන්ග් ,ජන්කුක්ව එක්කගෙන ඇවිත් කෝපි දෙකක් ඕඩර් කරා. ජන්කුක්ගේ සුදු ඇදුමෙන් එහා මෙහා පේන හින්දා, ටේහ්‍යුන්ග් එයාගේ ජැකට් එක ගලවලා ජන්කුක්ට දුන්නා.
ටේහ්‍යුන්ග් possessive ... එයා කැමති නෑ ජන්කුක්ගේ ඇග වෙන අය දකිනවට.
YOU ARE READING
Dosen't belong love
Fanfiction" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම.. ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. " ~Rose~