බයික් එක පාර්ක් කරලා අත් අල්ලන් ආකේඩ් එකට යන විදිය, අත් අල්ලගෙන crosswalk එක දිගේ ඇවිදගෙන ගිහින් ලස්සන පොඩි කොෆි ශොප් එකේ වාඩි වෙලා හිනා වෙවී කතා කරන විදිය. මේ හැමදේම ජන්කුක්ට ඉතාලියෙදී මතක් උනා.

හැමදාම ආකේඩ් එකේ ගේම් වලින් ජන්කුක් පැරදිලා ටේහ්‍යුන්ග් එක්ක බොරුවට රණ්ඩු වෙන විදිය මතක් වෙලා හිනා ගිය අවස්තාත් තිබ්බා. ඒ ආදරණීය ගොඩක් දේවල් එයාට ඉතාලියෙදී මතක් උනා.

ඒත් දැං ආයේත් එයාට ඒ දේවල් ලැබිලා. එයාට ඒ ආදරණීය දේවල් ලැබිලා. 

දිග රණ්ඩුවකට පස්සේ ජන්කුක් , වෙනදා වගේම ආයේ මේ ආකේඩ් එකේ සෙල්ලම්ම් කරන් නෑ කියලා එයාටම පොරොන්දු දුන්නා. ඒත් ඇත්තම කතාව ජන්කුක් යටහිතින් ආයෙ හෙටත් මේ ආකේඩ් එකට එන්න කැමතී.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව හැමදාම මේ ආකේඩ් එකට එක්කන් එන්න හේතුවත් මේකයි. එයාට ඕනේ ජන්කුක්ගේ මේ කේන්ති ගිය හැසිරීම බලන්න. ඒක හරිම හුරතල්. ජන්කුක් හුරතල් විදියට කේන්ති අරන් රණ්ඩු වෙන විදියට ටේහ්‍යුන්ග්ට හිනා යනවා. එතකොට ජන්කුක්ට තවත් කේන්ති යනවා.

ජන්කුක් , වචන හිර කරගෙන මූන රතු කරන් ඉන්න විදිය හරිම cute. ඔක්කොටමත් පස්සේ අවසානෙට තොල් උල් කරලා බැනපුවට ටේහ්‍යුන්ගෙන් සමාව ගන්න විදිය ගොඩක් ආදරණීයයි.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් කලර් ලයිට් එක ගාව crosswalk එක දිගේ පාර මාරු වෙන ගමන් හිටියේ. එයාලගේ කොෆී ශොප් එකේ ටික වෙලාවක් ගත කරන්න, කතා කරන්න ඒ පැත්තට ඇවිදන් ගියත් එකපාරම ටේහ්‍යුන්ග්ගේ පෝන් එක ring උනා.

ටේහ්‍යුන්ග් පෝන් එක answer කරා.

" hello....."

" Oh jewellery shop ? "

" ඒක හරිද ? මං එවපු ලේඩි ඒකේ messurement දුන්නානේ... "

" ම්ම්ම්... මං කියපු design එකටම ඕනේ. ඒක ගොඩක් important .... It is a wedding ring "

ටේහ්‍යුන්ග් ටිකක් ඈතට ගිහින් පෝන් එකෙන් කතා කරත් ජන්කුක් අවදානෙන් අහන් හිටපු හින්දා ජන්කුක්ට ඒක හොදට ඇහුනා. 'Wedding ring ' ජන්කුක් ඒ වචනෙට ගැස්සිලා ගියා.

Dosen't belong loveWhere stories live. Discover now