ජන්කුක් , ජැකට් එක ජන්කුක්ගේ ඇග වටේ ඔතලා , වාඩි කරෙව්වා.

TH-" අද ගොඩක් සීතලයි...."

ටේහ්‍යුන්ග් , උණුසුම් හුස්මක් අරගෙන වටපිටාව බැලුවා. අද රෙස්ටුරන්ට් එක ගොඩක් ලස්සනයි. එලියෙන් වැස්ස.. ඇතුලේ ගොඩක් කපල් ඇවිත් වාඩි වෙලා එකට ඉන්නවා.

Jk-" ඔ-ඔයා ඇයි මාව දාලා ආවේ..."

ජන්කුක් අවසානෙට කතා කරන්න තීරණේ කරා. ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ සමහර ප්‍රශ්න තියනවා, එයා උත්තරේ දැන දැනත් ඒවට උත්තර දෙන් නෑ. ජන්කුක් කියන්නෙත් ඒ වගේ ප්‍රශ්නයක් .
එයා උත්තරේ ද්න්නවා. ඒත් එයා උත්තර දෙන්න යන් නෑ.

Jk-" ටේ... මං කියන්නේ.. මේ කිසි දේකට ඔයා වැරදි නෑ... ඔයා..  ඔයා වෙනදා විදියටම ඉන්න. මං කියන දේවල් හිතන්න එපා... ඒ ඔක්කොම වේදනාවට කියවෙන වචන විතරයි..
ඒවා අමතක කරන්න...ඒත් ඔයා මාව දාලා ඔහොම යන්න එපා..."

ජන්කුක් ඇස් අගින් වැටුන කදුලු බිංදුවක් හෙමින් පිහ දැම්මා.

TH-" ඕක බීලා ඉවර නම් අපි යමු... ම්ම්ම්.... දැං වැස්ස අඩුකරා "

ටේහ්‍යුන්ග් කතාව වෙනස් කරා.ටේහ්‍යුන්ග්ට තවදුරටත් ජන්කුක්ගේ කතාව continue කරන් යන්න ඕන උනේ නෑ.

ජන්කුක් දුර්වල විදියට හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බලලා. අතේ තිබ්බ කෝපි කෝප්පේ ඉතුරු උගුරු දෙකත් බිව්වා.

TH-" මට ඉතාලිය පෙන්නන්න ..."

Jk-" මාත් මේ පැත්තේ වැඩිය ඇවිදලා නෑ...."

ටේහ්‍යුන්ග් , පුලුවන් නැගිටලා ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" එහෙනම් අපි දෙන්නම අද  මේ පැත්තේ ඇවිදලා බලමු.. "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් ඇවිදන් ගියා.

ජන්කුක්ගේ හිත හරිම පුදුමයි. එයාගේ හිත ප්‍රශ්න ගොඩකට මැදි වෙලා පිච්චෙනවා . ඒත් තවම ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් එයාට හිනාවෙන්න පුලුවන් . ටේහ්‍යුන්ග්ට පුලුවන් ජන්කුක්ව සතුටින් තියන්න. ඒකයි ටේහ්‍යුන්ග් තවමත් ජන්කුක්ට මෙච්චර ආදරේ .

ටේහ්‍යුන්ග්ගේ වචන වලින් කියන දේ නෙමේ එයා කරන්නේ. ටේහ්‍යුන්ග්ගේ සමහර ගතිගුණ වලින් එයා ආදරේ දකිනවා . ඒත් ටේහ්‍යුන්ග්ගේ වචන වල ආදරේ නෑ.

Dosen't belong loveWhere stories live. Discover now