💚 අසුරයෝ පූජා පවත්වන black stone එක earth stone එක වෙන්න බැයිද...

📚 වෙන්න ඇත්තෙත් ඒක...මොකද earth stone එකට තියනවා ඕන පරිසරයකට හැඩ ගැසීමේ හැකියාව..

❤️ ඒ කියන්නෙ අපිට ඒක අසුරයන්ගෙන් කොල්ල කන්න වෙනවා..

💙 ඒක අපේ දෙයක්...අපි ගමු...

💎 හේයි බෝයිස්...අසුරයන්ගෙ රැජින හැන්සම් කොල්ලොන්ට පට්‍ට ලයින්ලු...ඉතින් ඔය කට්ටියට අවස්තාවක් උදා වෙයි.

📚 ෆ්ලොරියා...මොලේ වතුර පිරිලද...ජීවිතේට නාන්නෙ නැති මලමිනි වලින් හදපු ක්‍රීම් ගාන අසුර රැජිනව ෆීනික්ස්ලට කපල් කරන්නෙ...

💎 අයියෝ ඩාරා...ඔයත් මේ ගමන යනවනේ....ඔයාට සෙට් වෙන්නත් බැරි නෑ...

📚 ඔවෑක්කා....මැරුනත් අසුරයෙක් කසාද බදින්නෑ...

ඒකට නම් කට්ටියම හිනා වුනා..

💙 ෆ්ලොරියා...ඔයත් එනවද යන්න.

💎 මට එන්න බෑ නතන්... water stone එක හොයා ගන්නකල් මුහුදු ජීවීන් ඔක්කොම අනතුරේ...මම එයාලව බලා ගන්න ඕන..ඒත් මගෙන් උදව්වක් ඕන උනහම අනිවාරෙන් කතා කරන්න...ඩාරා ගාව මට කතා කරන්න පුලුවන් මුද්දක් තියනවා...

🌪️ අපි යන්නෙ මොන වගේ තැනකද...

💜 ඒ ගැන නොහිතා ඉන්න ජූලී...අපි යන්නෙ තනිකරම නරකාදියකට...

📚 ඒ ගැන කියන්න එපා නික්...ඊයා...කුනු ලේ ගංගාවල්...මතක් වෙද්දිත් ඕක්කාරෙට එනවා...

🌪️ ඩාරාට ඒ ගැන අත්දැකීම් තියනවා වගේ....

📚 අම්මෝ ඔව්...එක පාරක් ෆීනික්ස්ලාගෙ මිශන් එකකට ගිහින් මට පැයක් විතර එතන ඉන්න උනා...

💎 ඔයාලට කියන්න එදා දවසම මෙයා නෑවා..

📚 ඔයාලා ගිහින් නැති නිසයි ඕහොම කියන්නේ...

❤️ දැන් කට්ටියම හවසට එහෙ යන්න රෙඩි වෙන්න....ආ...මේ ගැන ආර්යාට දැන ගන්න ඉඩ තියන්න එපා...

🔥 ඒ ගෑනිව මට නම් අල්ලන්නෙ නෑ...

💜 මට නම් ඒ කොල්ලො දෙන්නව...

💎 ශුවර් එකටම උන් දෙන්නා ජූලිට පැනි හලන්න ඇති...

වින්ඩ් කපල් එක රතු වෙද්දි අනික් කට්ටියම හිනා වෙන්න ගත්තා...

💜 ඔය ඇති අනේ....දැන් ගෙදර ගිහින් විවේකයක් ගමු...

💙 නුවනක්කාර අදහසක්...

📚 ඔයාල යන්න...මම ෆ්ලොරියා එක්ක ටිකක් ඉදලා එන්නම්...

💚 ඕකේ අපි යනෝ...

ඩාරාවයි ෆ්ලොරියවයි තනි කරලා අපි අට දෙනයි ආරායි හිමීට කතා කර කර ගස් බෙනේ පැත්තට ගියා...

💚 ඔයාලගේ අලුත් ඇදුම් මෙහෙ ඇදුම් වලට වඩා හොදයි...

🌱 ඔයාලත් මේ වගේ ඇදුම් අදින්නකෝ...ඔය රෙදි කෑලි පටලන් ඉන්නවට වඩා ලේසියි...

🌪️ ඔව්...අද ගමන යන්න කලින් අපි ඔයාලට ඇදුම් හදලා දෙන්නම්...

💙 ඔයාලා මේ වැඩෙට ගොඩක් උනන්දුයි වගේ...

💧 ඔව්...අපි මේ ලෝකේ බේර ගන්න උදව් කරනවා...

🔥 ඒක නෙමේ...පලිගු හොයාගත්තට පස්සෙ මොකද වෙන්නේ...

❤️ ඔයාලට ආය ඔයාලගෙ ලෝකෙට යන්න පුලුවන්...අපේ ලෝකය සදහටම රහසක් වෙයි...ඉස්සර වගේම...

🔥 එතකොට...මතකය...

❤️ ඔයාලට මෙහෙ මතකය නැති වෙන්නත් ඉඩ තියනවා...ඩාරා තමා හරියටම දන්නේ...

ඒක ගැන ඇහුවම වෙනසක් නැතුව අපි හතර දෙනාගෙම මූනු බිමට බර උනා..මුලින් අකමැති උනත් දැන් මේ ආගන්තුක ලෝකේ අපේම ලෝකෙ වෙලා...මෙහෙ යාලුවෝ හුතල්ලු ඔක්කොම අපේ ජීවිතේ කොටස් වෙලා...








😂👍 ඊලග කොටසෙන් ලස්සන සුවද පිරිසිදු අසුර මිටියාවතට ට්‍රිප් එකක් යමු...මාස්ක් පහක්වත් අරන් එන්න හොදේ...ඒ තරම් සුවදයි...🙂

Four Spirit Wo Geschichten leben. Entdecke jetzt