🍀ᴅʀᴇᴀᴍ ᴄᴏᴍᴇ ᴛʀᴜᴇ🍀

674 152 31
                                    

"Up there, in the heaven above, I believe an angel is watching over me and sent you to me."

🌷🌷🌷🌷🌷🌷

Chapter 18 - Dream Come True

"Uncle ඉන්න මම ගිහින් rooms ගැන බලලා එන්නම්"

ඔවුන් නැවතීමට කතා වුන මුහුදට ආසන්න හෝටලයට පැමිණි පසු Xiao මහතා සූදානම් වූයේ ඔවුන් ගේ කාමර වෙන් කරවා ගැනීමටයි. එහෙත් ඔහුගේ ගමන් මඟ හරස් කරමින් Yibo ඉක්මනින් ඒ සඳහා ඉදිරිපත් උනා. ඔහු අනෙක් අය සියල්ලන්ගෙන්ම ඈත් වී කාමර වෙන් කරවා ගන්නා කොටසේ අය සමග විශාල සාකච්චාවක් කරන්නට ගත්තා. ඔහු මේ තරම් බැරෑරුම් ලෙස කතා කරන්නේ කුමක්ද කියා නොදන්නවා උනත් Xiao මහතා අනෙක් අය අය සමගින් කතාවට වැඩී තරුණයන්ගේ තේරිමේ කිසි විටකත් නොවරදින බවට දන්නා නිසා සතුටු සාමිචියේ යෙදෙන්නට වුනා.

"ඒ කියපු විදියටම room එක ඕනේ" හෝටලයේ කළමණාකරු හා Yibo අතර රහසිගත හඬකින් වචන හුවමාරු වෙන්නට ගත්තා.

"හොඳයි සර්..."

"කිසිම අවුලක් වෙන්න බැහැ තේරුණාද?"

"හරි සර් කිසි දේකට බය වෙන්න එපා. අපි ඒ විදියටම ඒක හරි ගස්සලා තියෙන්නේ"

"Good"

තමන් ට අවශ්‍ය ආකාරයට හැම දේම හරි බවට සැක හැර දැනගත් පසු Yibo අනෙක් අයට එකතු වීම සඳහා ඔවුන් වෙතට ඇවිද ගියා.

"වැඩේ හරිද පුතා? කාමර ටික ලෑස්තිද?"

"ඔව් Uncle හැමදේම ready මෙන්න keys ටික"

Yibo Xiao මහතා අතට යතුරු ටික දෙමින් ඔවුන් ට අයත් යතුර ගෙන Zhan අසලට ළං වුනා. අවසන් මොහොතේදී Haikuan සමග සාම ගිවිසුම් ගැසූ Yan Li ඒ අතර සතුටින් ඉපිලෙමින් කෑ ගසන්නට වුනේ මෙය හෝටලයක් කියා පවා අමතක කරමින්.

"හරි එහෙනම් අද අපි පොඩ්ඩක් rest කරලා හෙට ඉදන් විනෝද වෙමු"

"හරි එහෙනම් අද අපි පොඩ්ඩක් rest කරලා හෙට ඉදන් විනෝද වෙමු"

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ