🍀ᴀɴɢᴇʟ ʙᴜɴɴʏ🍀

833 170 19
                                    

"Promise your lover you will be by their side when they need you, forever and always"

🌷🌷🌷🌷🌷🌷

Chapter 2 - Angel Bunny

"Yibo May I come in?"

නිවසට පැමිණි මොහොතේ සිටම අමුතු ලෝකයක තනි වී සිටි Yibo රාත්‍රී කෑම වේලත් පහු වනතුරු පහලට නොපැමිණි නිසා අවසානයේ Haikuan ඔහුගේ කාමරයේදොරට තට්ටු කරන්නට උනා.

ඒත් පිළිතුරක් නැති ඔහු නැවත මහා හඬින් දොරට තඩි බාන්නට උනා.

"Yibo....Bo.. ඔයා ඉන්නවද?..."

Haikuan දිගින් දිගටම Yibo ගේ දොරට තට්ටු කරමින් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු යටි තොල සපාගෙන කාමරයේ දොරට ඇති අනෙක් යතුර ගෙන ඒමට යන්නට සැරසුනා. ඔහු එයින් දොර විවෘත කරගෙන කාමරයට ඇතුළු වුනා. මුළු කාමරයම අඳුරුයි.

"කෝ මේකා? මැරිලවත්ද?"

මොහොතකින් ඔහුගේ නෙත් ගැටුනේ අඳුරු කාමරයේ සඳ එලිය ගලාගෙන ජනේලය අසල සිටගෙන පිස්සෙක් වගේ තමන් සමගම සිනාසෙමින් shirt එකක් අල්ලා ගෙන සිටි ඔහුගේ මල්ලිවයි.

"Yibo...මොනාද කරන්නේ ඔයා?...මන් කොච්චර වේලාවක් තිස්සේ ඔයාට කතා කලාද?"

ඔහුගේ කටහඬෙන් බාලයා තිගැස්සි ගියා. "ඔහ් අයියේ ඔයාද මේ?....කොයි වේලාවෙද ආවේ?"

"කොයි වේලාවෙද කියලා අහගන්න එපා මගෙන්.....මොන---" Haikuan කියන්න යන දේ මග නතර කර Yibo ගේ අතේ ඇති කමිසය දෙස තත්පර කිහිපයක් ඇසිපිල්ලන් ගසමින් බලන්නට වුනා.

"Yiboo... මොකක්ද මේ ඔයා කරන්නේ?"

"මොකක්ද?"

"Didi....You? මට පේන්නේ ඔයා ඊයේ හම්බුන කොල්ලා ගැන හිතනවා වගේ..."

"පිස්සු"

"අහ්...මට පිස්සු නම ඇයි ඉතින් ඊයේ ඇදන් හිටපු shirt එක අතේ තියාගෙන ඔච්චර කල්පනා කරන්නේ? මොකද orange juice එක ගැන දුක් වෙන එකක් යෑ..."

Haikuan බාලයා ගේ පිටට සෙමින් තට්ටු කරමින් සමච්චල් සහගත ලෙස සිනාසෙන්නට පටන් ගත්තා. ඇත්තටම ඔහුට හරිම සතුටුයි ඔහුගේ සහෝදරයා ගේ මේ වෙනසට. ඒත් ඔහු එය පෙන්නන්නට ගියේ නැහැ.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now