🍀ɴᴇᴡ sɪᴅᴇ🍀

742 169 17
                                    

"Let me tell you the truth: I will never ever leave you because you are the love of my life."

🌷🌷🌷🌷🌷🌷

Chapter 22 - New Side

ආහාර ගැනීමෙන් පසුව දෙදෙනාම කාමරයට පැමිණියා. Zhan නොදැනුවත් උනත් Yibo ප්‍රධාන සේවකයාගෙන් නිවසට පැමිණි අමුත්තා ගැන විමසන්නට අමතක කලේ නැහැ. ඔහුට අවශ්‍ය තොරතුරු ගත් පසු ඔහු නිහඬවම ආහාර ගන්නට වුනේ මේ සිදු වීම් සම්බන්ධ කරන්නට උත්සහා කරමිනුයි.

Yibo කාමරයට ඇවිල්ලත් කරේ එයමයි. කල්පනා කිරීම. Zhan ට එය මොකක්ද කියා අහන්නට උවමනා උනත් ඔහු වෙනදා මෙන්ම බියේ කටවහගෙන සිටියේ Yibo ට ආයෙම තරහා යයි කියන බයෙන්. ඒ නිසා කිසිම දෙයක් අහන්න යන්නේ නැතිව ඔහු නානකාමරයට ගිහින් පිරිසිදු වී පැමිණියා.

"Bobo?" තවමත් Yibo මේ ලෝකේ නොවන බවට තේරුණු නිසා ඔහුට කතා කරන්නට Zhan සිතුවා. Yibo ගේ ඇස් දෙක බාලයා වෙතට හැරුනා.

"ඔයා wash දාන්නේ නැද්ද?"

Yibo කිසිවක් නොකියා තුවායත් අරගෙන නානකාමරයට වැදුනේ ඒ සමගයි. ඔහු විනාඩි 20 කට විතර පසුව කාමරයට ඇතුලු උනා. Zhan නිහඬවම වැඩිමලා ගේ චලන දෙස බලා සිටියේ ඔහුගෙන් ඇඳට එනවාද කියා අසන්නටයි. ඒත් ඔහු කලින් වගේම බිය උනා. Yibo තරහෙන් තමන් ව ප්‍රතික්ෂේප කරයි කියලා. ඒත් Zhan ව පුදුම කරමින් රාත්‍රී ඇඳුමෙන් සැරසුනු වැඩිමලා නිහඬවම ඇඳට නැග Zhan දෙසට හැරී හාන්සි උනා.

"ඔයා නිදා ගන්නේ නැද්ද?" පුංචි හා පැටියෙක් වගේ අහිංසක ලෙස පුදුමයකින් බලන් සිටින Zhan ව තිගස්සවමින් Yibo ඇසුවා.

"මම...අහ්...Bobo...මොකක්ද උනේ?"

"ඇයි මොකක්ද උනේ?"

"ඔයා? ඇඳේ?"

"Zhan..."

Yibo තමන් ගේ දෑත් දෙක දෙපසට විහිදා හිසින් Zhan ට ළං වෙන ලෙස පැවසුවා. Zhan පුදුමයෙන් තවත් වේලාවක් බලා සිට හිමීට Yibo ගේ දෑත් අතරට රිංගා ගත්තා. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙනවා. Zhan බයයි එය Yibo ඇහෙයි කියා. ඒත් Yibo තවත් ටිකක් කුඩා ශරීරය තමන් ට ළං කරගෙන මෘදුව Zhan ගේ සිනිඳු හිස කෙස් අතගාන්නට වුනා. Zhan ගල් පිළිමයක් වගේ සෙලවෙන්නෙ නැතිව සිටියත් අනෙකාගේ කටහඬ ඇසුනු විට ඔහු ඉක්මනින් ඉහල බැලුවා.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now