🍀ᴄᴏʟᴅ ᴘᴇʀsᴏɴᴀʟɪᴛʏ🍀

632 144 9
                                    

"You are every reason in my heart and mind that I wake up each morning to see your face"

🌷🌷🌷🌷🌷🌷

Chapter 12 - Cold Personality

_අඳුරු ස්ථානයක_

"ස...සර්...අපේ අනිත් කෙනාව අහු වුණා"

එතනට පැමිණි පුද්ගලයා තමාට පිටුපා සිටින තමාගේ ප්‍රධානියා වෙත ගොත ගහමින් පැවසුවේ තවමත් හති අරින අතරමයි.

"මොකක්!!!....මොකක්ද තමුසේ කිවුවේ?"

මෙතෙක් වෙලා හැමටම පිටුපා ගෙන සිටි පුද්ගලයා එකවිටම අනිත් පුද්ගලයන් දෙසට හැරුණේ ගිනි රතු වූ ඇස් දෙකත් සමග කෝපයෙන් වෙව්ලමින්.

"අ...අපිට සමාවෙන්න .....සර්....එහෙම වෙයි කියලා හිතුවෙම නැහැ. අපි හොඳට හැංඟිලයි හිටියේ. ඒත් Wang Yibo ත් අපි ගැන සෙවිල්ලෙන් ඉඳලා තියෙන්නේ"

තවත් හති අරිමින් සිටි පුද්ගලයා එක වරම කෙලින් වී තමන්ගේ ප්‍රධානියාගේ ගිණියම් දෑස්වල කෝපයට කලිසම තෙමා ගැනීමට උත්සහා නොකර ගනිමින් ඔහු දෙසට ඇස් උඩින් බලමින් මුණු මුණු ගාන්නට වුනා.

"ආයිශ්.....පලයන් මෙතනින්....කොහොමහරි ඒකව හොයාගෙන වරෙල්ලා මං ළඟට...මට බෑ අර කොහෙවත් යන Wang Yibo කියන පොඩි කොල්ලට පරාද වෙන්න...ඉක්මනට අරූව හොයාගෙන එනවා. පණ පිටින් හරි නැතිව හරි"

ප්‍රධානියා කෝපයෙන් කෑ ගසමින් ඔහු ඉදිරියේ ඇති මේසයද පෙරලා දැමූ විට හැම අයෙක්ම බියෙන් හිස වන්නට පටන් ගත්තා.

"අ...අපි උපරිම උත්සාහ කරනවා සර්"

"මොකක්ද...උත්සාහ කරනවා?...මට උත්සාහය නෙවෙයි මිනිහෝ ඕනේ...මට වැඩේ සිද්ධ වෙන්නයි ඕන...උඹලට මම පඩි ගෙවන්නේ මොකටද මිනිහෝ? තමුසේලා දැන් මොකද්ද කියන්නේ... තමුසෙලා කිව්වා නේද තමුසේ ලා මේ ලෝකේ ඉන්න අංක එකේ ම කට්ටිය කියලා...බලනවා බලනවා දැන් වේලා තියන දේ...අර යකා අර Wang කාරයට ඇත්ත කියන්න කලින් කොහොම හරි ඌව නැති කරලා දානවා...නැත්තං තමුසෙලගෙ ජීවිතය යි නැති වෙන්නේ ඒක හොඳට මතක තියා ගන්නවා"

ඔහු තමන් ගේ ගෝලයාගේ බෙල්ලෙන් අල්ලා ඔහුව සොලවමින් කාමරය දෙදෙරවා යන හඬින් කෑ ගසා ඔහුව පසෙකට තල්ලු කර දමා නැවත hoodie යෙන් හිස වසා ගත්තා.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Место, где живут истории. Откройте их для себя