🍀ʏᴏᴜ ᴏʀ ʜᴇ🍀

727 165 15
                                    

"I love our long phone calls and the secret jokes we share. The sweet pet names you created for me"

🌷🌷🌷🌷🌷🌷

Chapter 5 - You Or He

"Yibo....මම හැමදෙයක්ම airport එකට යවලා තියෙන්නේ...ඔයාලා දෙන්නා කෙලින්ම airport එකට යන්න....මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ටක් ගාලා මට කතා කරන්න"

Haikuan තමන් ගේ කිසි දෙයක් නොතේර්ව්න මෝඩ සහෝදරයාට දැන් පැය කිහිපයක සිට පොඩි ළමයෙකුට අකුරු කි‍යා දෙනවා සේ පිටත් වුන මොහොතේ සිටම දුරකථනයෙන් අවවාද දෙනවා. ඇත්තටම Haikuan බිය වුනා Yibo නැවත පැන යයි කියා. ඔහු ඒ නිසා පුළුවන් තරම් තමන් සමග Yibo ගේ මනස රඳවාගන්නට වුනා.

"හරි gege...අපි ඒ ගැන බලාගන්නම්...ඔයා කරදර වෙන්න ඕන නෑ අයියේ. දැන් ඇති...මම පොඩි ළමයෙක් නෙවෙයිනේ ඔය හැටි ඔයාට කියවන්න."

Yibo නෝක්කාඩු ස්වරූපයෙන් උනත් සිහින් සිනාවක් සමග ඔහුගේ සහෝදරයාව අස් වසන්නට වුනා. ඇත්තටම Haikuan ගේ හැසිරීම ඔහුව කේන්ති කෙරෙව්වේ නැහැ. තමන් ගැනම ලැජ්ජාවකුයි ඇති කරේ.

"හ්ම්... *සුසුමක් පිට කරමින්* එහෙනම් ගිහින් මට කෝල් එකක් දෙන්න"

"ඒක....."

Yibo ට කියන්න ගිය දේ ඉවර කිරීමට පෙර තමන්ගේ ඉදිරිපිට සිටින කුඩා තරුණයාගේ විකාර වැඩ නිසා ඔහුගේ මුව මදකට වැසී ගියා.

Zhan පොඩි ළමයෙකු සේ Yibo දුරකථනයෙන් කතා කරනා විට පිටතින් සිට දුරකථනයට කන තියා සිටියේ Haikuan පවසනා දේ අහ ගැනීමට අවශ්‍ය වූ නිසයි. ඒ සමග Yibo ගේ මුවේ ඔහු හිතන්නටත් පෙර සිනාවක් මුවෙන් පිටතට පැමිණියා. දුරකථනය විසන්ධි කරන්නට ගිය Haikuan මොහොතකින් පුදුමයෙන් කෑ ගසන්නට වුනා.

"Yibo.....මොකද මේ හිනා වෙන්නේ....ආව්...ආව්....අපේ Zhanzhan wedding එක දවසෙම cold prince ව වෙනස් කරලා වගේ" ඔහු මහ හයියෙන් හිනා වේවී පුදුමයෙන් වගේම ලැබුණු අවස්තාවේ Yibo ව විහිලුවට ගනිමින්.

"විකාර... *නලල රැලි කරගනිමින්* මම තියනවා...bye"

Yibo තමන්ගේ දුරකථනය විසන්ධි කර තමන්ගේ ඉදිරිපිට ඉන්න හුරුබුහුටි ලෙස දෑස් ලොකු කරන් තමන් දෙස බලා සිටින Zhan ගේ දෑස් ඉක්මනින් මග හරිමින් ඉවත බලා ගත්තා. ඇත්තටම ඔහු බිය වුනේ බාලයා තමන් ගේ හදවත මදකට හෝ හෙලවූ බව ඔහු දැන ගනිවී කියලයි.

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now