|31|

828 155 4
                                    

You are my wifeu |31|

උදෙන්ම නැගිට්ට ජන්කුක් හිමීට ඇස් අරිද්දී දැක්කේ තමන්ගේ පපුව උඩ සැපට කටත් උල් කරගෙන නිදාගෙන ඉන්න ටේව...

පන්ඩිතකමට රෑ නිදාගනිද්දි ජන්කුක්ට තමන්ගේ පපුවට තුරුල් වෙලා නිදාගන්න කියලා පඬිකම් කියෙව්වට මහ පාන්දර නින්දෙන් ජන්කුක්ගේ පපුවට එන්න ඕනේ කියලා ටේ නින්දෙන්ම අඬන්න ගත්තු නිසා ජන්කුක්ට වුනේ ආයෙත් ටේව තමන්ගේ පපුව උඩට අරගන්න....

ටේගේ ඔලුව ලාවට අතගාලා කිස් එකක් දුන්නු ජන්කුක් හිමීට ටේව ඇඳෙන් තියලා කොට්ටයක් දුන්නේ තුරුල් කරගෙන නිදාගන්න...මොකද ටේට අනිවාරෙන්ම මොකාක් හරි තුරුල් කරගෙන නිදාගැනීමේ නොමැකෙන පුරුද්දක් තිබුනා...

වොශ් රූම් එකට ගිහින් හොට් වෝට' වලින් වොශ් දාගත්තු ජන්කුක් බාත් රොබ් එකත් ඇඳන් ඇව්ත් ක්ලෝසෙට් එකගාවින් හිටගෙන ඇඳුම් තෝරන්න ගත්තා....

ටිකකින් කලු සූට් එකක් තෝරගත්ත ජන්කුක් ඒකට මාරුවුනේ ඔෆිස් යන්න තියෙන නිසා....

වොච් එකත් අරන් අතේ බැඳගන්න ගමන් ඇඳගාවට ගිය ජන්කුක් ටේව නැගිට්ටවන්නත් හදලා ආයෙමත් ගිය දවස්ටිකේම මහන්සි වුන නිසා පවුනේ කියලා හිතලා පහලට ගියේ අද ටිකක් වැඩිපුර නිදාගත්තු දෙන් කියලා හිතලා....

Jungkook = කෑම ලෑස්තිද !?

පහලට ගිය ජන්කුක් අහද්දී මේඩ් කෙනෙක් ආචාර කරලා එහෙමයි කියලා කිව්වා....

Jungkook's mind = වෙලාවට ආයෙමත් මේඩ්ව ගෙන්න ගත්තේ..නැත්නම් මම එපායෑ මෙව්ව කරන්න...

⬤ සර් කෑම ටික මේසෙට අරින්නද

Jungkook = හරි...මේසෙට අරින්න..

⬤ සර් පුන්චි බේබි !

Jungkook = අහ්..එයා තාම නිදි...එයා නැගිට්ට වෙලාවට කන්න දෙන්න...

⬤ හරි සර්...

උදේ කෑම ගත්තු ජන්කුක් ආයෙමත් කාමරේට ගිහින් හොඳට නිදන් ඉන්න ටේගේ කම්මුලට කිස් එකක් දීලා ගෙදරින් පිටත් වුනේ ඔෆිස් එකට යන්න...

උදේ ඉඳලා මගහැරුනු වැඩත් එක්ක බිසී වෙලා හිටපු ජන්කුක්ට ලන්ච් එක ගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ...තිබුනු වැඩ කන්දරාව නිසාම ජන්කුක්ගේ ඔලුවත් කකියන්න පටන් අරගෙනයි තිබුනේ....

නලලත් රැලි කරන ගමන් ලැප් එකේ වැඩක හිටපු ජන්කුක් එකපාරටම ගැස්සුනේ තමන්ගේ පෝන් එක එකදිගට රින්ග් වෙන්න ගත්තු නිසා.....

කෝල් එක කාගෙන්ද කියලා දැක්කම සේරම ප්‍රශ්න අමතක වෙලා ජන්කුක්ගේ මූනේ ලස්සන හිනාවක් ඇඳෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

Tae = ඩැඩීඊඊඊඊඊ !!!!!!!

කෝල් එක ආන්සර් කරපු ගමන් එහාපසින් ඇහුනේ තරහ ගිය කොටියෙක්ගේ විලාපයක්...

Jungkook = අම්මෝ බබා කන....

Tae = ඇයි මට නොකියා ගියේ ආඅ.....

Jungkook = අනේ මැනික ඔයාට නිදාගන්න දීලා ගියේ මන්...

Tae =  ඒ වුනාට මට මෝනින් කිස් එක ගන්නත් බැරි වුනා..අනික ඔයාට ඔෆිස් යන්න ඇඳුම තෝරලා දෙන්නෙ මමනේ....ආආඅ...අනික මම මේ සතියෙම උයල දෙන්නනි හිටියේ ...ඇයි මේඩ්ව ගෙන්නුවේ...මම තව පොඩ්ඩෙන් කිචන් එකේ වැඩ කරන්නේ ඔයා කියලා හිතලා ගිහිල්ලා මේඩ්ව බදාගන්නවා..ආහ්හ්හ්...මෝඩ ඩැඩී..

Jungkook = දෙයියනේ බබා රැප් එකක් ඇහුවා වගේ...😂

Tae = ඔය හිනාවෙන්නකො..ඇයි අප්පා....

Jungkook = අපෝ කෝ මගෙ කොටි පැටියා කේන්ති ගන්නෙපා දැන්....එනකොට මොනවද ගේන්න ඕනේ....

Tae = මුකුත් ඕන්නෑ😒

Jungkook = අනේ බබා ඉතින්න්....

Tae = ඕන්නෑ කිව්වනේ...කෝ දැන් ඔයා දවල්ට කාලද..වෙලාව දොලහත් පහුවෙලා...

Jungkook = අප්පට සිරි..කන්න අමතක වුනා බබා..වැඩත් එක්ක හිරවෙලා මැනික...ඔලුවත් රිදෙනවා...

Tae = හුඟක් අමාරුද ඩැඩී...

Jungkook = ම්ම්...

Tae = අහන්නකෝ..ඔය වැඩේ දැන් තියලා කාලා ඉන්න හොඳද...

Jungkook = මගෙ මැනික කෑවද කියන්නකො...

Tae = ඔව් ඩැඩී..මම දැන් ටිකකට කලින් උදේට කෑවේ...

Jungkook = එතකොට දවල්‍ට...

Tae = තව ටිකකින් කනවා🤭😂

Jungkook = හ්ම් හ්ම්....අහන්නකො බබා...ආවම මගෙ ඔලුව අතගානවද...හුඟාක් රිදෙනව බබා....

Tae = මම අතගාන්නම්කො ඩැඩී....දැන්න් හොඳ ඩැඩී වගේ ගිහින් කන්න...

Jungkook = හරි බබා. බායි..

Tae = බායි ඩැඩී...

.
.
.

කෝල් එක කට් කරපු ජන්කුක් කෑම කාලා වතුර එක බොනවත් එක්කම තමන්ගේ ඔෆිස් එකේ දොර ඇරුනේ බිබී හිටපු වතුර එකත් ඉස්මොල්ලෙ යවන ගමන්...

"හායි ඩැඩීඊඊඊඊ!!!!!!😁😁😁"

███████████████████████████
▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙

ST ♡

ආයෙ ඉතින් දෙන්නම් අප්ඩේට් ඈ...පුලු පුලුවන් හැමවෙලේම දෙනවා අම්මපා😂

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now