XX•~

761 169 57
                                    

අවුරුදු පහක් කියන්නේ මට නම් ⁣ලොකු කාලයක්..

හැමදාම වගේ මම ඇත්තට බයෙන් පැනලා දිව්වා.. ඔයා මගෙන් ඈතට යනවත් එක්කම මම හැමදේම අතඇරලා දැම්මා..

ඒත් මම තාම ජීවත් වෙනවා මිනී..

මම ඔයාට පොරොන්දු වුනානේ...

මම ආපහු සෝල් ඇවිත් මාසයක් විතර ඇති.. මම තාමත් ⁣බෝරින් වයලින් ටීචර් කෙනෙක්.. ඔයා මට එහෙම කියලා විහිලු කරනවා මට තාම මතකයි.. ඔයාගේ හිනාව තාම මගේ කන අස්සේ දෝංකාර දෙනවා වගේ...

හැමදේකින්ම ඈත් වෙලා මේ ගෙවෙන ජීවිතේට මම කැමතියි..

මම ස්කූල් එකෙන් එලියට ඇවිත් ගේට්ටුව ගාවට යන්න ගත්තා.. ඒත් මන් ග්‍රවුන්ඩ් එක ගාවෙදි දැක්කේ හුරුපුරුදු රූපයක්... ඒ කවුද කියලා අදුරගන්න පුලුවන් වෙද්දි මම හැදුවේ ඉක්මනින් මෙතනින් පිට වෙන්න... මොකද මට ඕනේ වුනේ නෑ ⁣මම අමතක කරන්න හදන අපේ අතීතෙට සම්බන්ද කවුරුවත් මුන ගැහෙන්න..

ඒත් එයා මට කතා කලා...

" කිම් ටේහ්‍යුන් මේ ඔයාද??" ජන්කුක් මන් දිහාට එන ගමන් ඇහුවා... මම අන්තිමට එයාට මූන දෙන්න හිත හදාගත්තා...

"ජන්කුක්.. " අවුරුදු පහකට පස්සේ ඔයාගේ සැමියා මන් ඉස්සරහා හිටන් හිටියා.. එයා මාත් එක්ක හිනාවුනා.. ජන්කුක්ගෙන් වගකීම් වලින් පිරුනු වැඩුනු මිනිහෙකුගේ පෙනුමක් පේන්ඩ තිබ්බා...

"අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක්... ඔයා හොදින් හිටියද ටේහ්‍යුන්??" කවදාවත් නැතිව ජන්කුක්ගේ මූනේ සතුටු හැගීමක් තිබ්බා..

"හ්ම්.."

" මම ආවේ මගේ දුවව ගන්න.. එයා දැන් ලොකුයි... ඔයාට එයාව බලන්න ඕන නැද්ද ටේහ්‍යුන්?? " ජන්කුක් ඇහුවා...

"දුව??" මගේ කටෙන් පිටවුනා...

එයා දුවෙක් මිනී..

ඔයා හිතුවා වගේ පුතෙක් නෙ⁣වේ..

"පපාාාා.." මම ඒ කටහඩ ආපු පැත්තට හැරිලා බලද්දි දැක්කේ පොඩි දරුවෙක් අපි දිහාට දුවන් එන විදිය.. පුංචි සුරංගනාවියක් වගේ...

පොඩි කෙල්ල දුවන් ඇවිත් එයාගේ ගානට නැවිලා හිටිය ජන්කුක්ගේ බෙල්ලේ එල්ලුනා.. පුංචි කෙල්ලගේ මූන හාදු වලින් නාවපු ජන්කුක් මන් දිහා බලලා හිනා වුනා.. මන් තාමත් හිටියේ ඔයාවයි ඔයාගේ දුවවයි සන්සන්දනය කරන ගමන්...

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now