XIV•~

444 148 5
                                    

 

               "ටේ.. ජන්කුක් කොහෙද??" ඔයා ඇහුවා.. අපි හිටියේ ලිවින් රූම් එ⁣කේ.. ඔයා පුරුදු විදියටම සෝපාවට ගුලි වෙලා.. මම ඔයා ලගින් වාඩි වෙලා ඔයා දිහා බලාගෙන....

"ඔයාගේ කෑම එක හදනවා.." මම මිමුනුවා.. ඔලුව වනපු ඔයා ආයෙත් ඔයාගේ අවදානේ ඔයාගේ ලොකු බඩට දුන්නා...

"මිනී..." මම කතාව පටන් ගන්න විදියක් හෙවුවා...

"ඔව් ටේ??" මේ පාර ඔයාගේ අවදානේ මට යොමු වෙද්දි මට සියුම් සතුටක් දැනුනා...

"මිනී... ඔයාගේ ට්‍රීට්මන්ට්ස් දැන් කොහොමද??".

"මොන ට්‍රීට්මන්ට්ස් ගැනද ටේ ඔයා අහන්නේ??" වචන පටල පටල ඔයා මගෙන් ඇහුවා.. ඔයා තාමත් දෙවල් මගෙන් හන්ගනවා මිනී...

"මට ජන්කුක් ඔක්කොම කිව්වා... තවත් මගෙන් දේවල් හන්ගන්න එපා මිනී.. මට දැන් කියන්න ඔයා බෙහෙත් ගන්නවද කියලා.." මගේ හඩේ තද බවක් තියෙන්න ඇති...

ඔයා කලබල වුනා.. ඔයා අමාරුවෙන් වචන හොයන දිහා මම බලන් හිටියා...

" මම බෙහෙත් බොනවා.. ඩොක්ටර් සැර අඩු බෙහෙත් දුන්නනේ... ඉතින් මම ඒවා ගන්නවා... මමයි බබයි දෙන්නම හොදින් ටේ.. කලබල වෙන්න එපා.." ඔයා කිව්වා.. ඔයා තාමත් හිතන්නේ ඔයාගේ දරුවා ගැන.. අපි ගැන ඔයාට ගානක් නැද්ද මිනී.. මන් ගැන... ඔයාගේ අප්පා ගැන.. අඩුම තරමේ ජන්කුක් ගැනවත්!!!

"හ්ම්..."

"ඔයා ජීවත් වෙන්න ආස නැද්ද මිනී.." විනාඩි ගානකට පස්සේ මම ආයේ ඇහුවා.. මම තාම එයාට කියන්න ඕනේ දේ කිව්වේ නැනේ..

" කවුද ජීවත් වෙන්න ආස නැත්තෙ ටේ?? මමත් ආසයි ජීවත් වෙන්න..."

"එහෙනම් විහින් ජීවිතේ නැති කරගන්න හදන්නේ මොකද මිනී??" මම ඇහුවා.. ඔයාගේ ඇස් ලොකු වෙලා.. ඔයා බ්ලැන්කට් එක හදාගෙන මගේ පැත්තට හැරුනා...

"ඔයා මොනාද කියන්න හදන්නේ ටේ??" ඔයා ඇහුවා...

"අපිත් එක්ක ජීවත් වෙන්න මිනී.. තව ටිකක් ඔයා ගැන ඔයා හිතලා බලන්න... ඔයා තාම ගොඩක් තරුනයි... ඔයා හරියට බෙහෙත් කරගත්තොත් ඔයාට ඉක්මනට හොදවෙයි...

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]حيث تعيش القصص. اكتشف الآن