VIII•~

466 152 9
                                    

"ටේටේ.."

ඔයා පැයගානක් ඇඩුවා... ෆෝන් දෙකක් දෙපැත්තට වෙලා අපි පැය ගනන් අඩන්න ඇති...

මොකද ටේහ්‍යුන් ට එයාගේ මිනී අඩනවා බලන් ඉන්න බෑ....

ඔයා ඔයාගේ වේදනාව මාත් එක්ක කිව්වා... ඔයාගේ තනිකම... රැවටීම..

" මම ඔය මිනිහට හොද පාඩමක් උගන්නවා.. " මම දත්මිටි කමින් කිව්වා..

ඒත් ඔයා!!

" එපා ටේටේ.. එයා මට ආද⁣⁣රේ නැති වුනාට මම එයාට මහ ගොඩක් ආදරෙයි.. ප්ලීස් මුකුත් කරන්න එපා.. ඔයාට පුලුවන් නම් දිගටම මාව මෙහෙම අහන් ඉන්නවද??

මට ඔයා නැතුව පිස්සු වගේ.. මගේ ඔලුව ගොඩක් රිදෙනවා ටේටේ.. මට අඩන්න ඕනි.. මට ඔයාව තුරුලු කරන් අඩන්න ඕනි.."

මට දැනුනේ මගේ හදවත සිය දහස් ගානකට කැඩෙනවා වගේ.. ඔයාගේ කදුලු මාව පිස්සු වට්ටනවා...

ඒත් මන් ඉවසන්නම්.. ඔයාගේ කැමත්ත ඒකනේ..

ඒත් ඔයාගේ වේදනාව පිරුනු ඇස් මගේ ඇස් දෙකටම දකිද්දි මම මොනාද කරන්න ඕනා මිනී...

" ටේටේ.. මම ජන්කුක් එක්ක ඇමරිකා යනවා.. ආයේ කවදා එන්න හම්බෙයිද කියලා දන්නැ...

ඒ නිසා...

ඒ නිසා මට පුලුවන්ද ඔයාව අන්තිම වතාවට තුරුලු කරගන්න... ප්ලිස්.." ඔයා හරිම අහිංසක විදියට මගෙන් ඉල්ලීමක් ඉල්ලුවා... මම කොහොමද ඔයාට බෑ කියන්නේ.. ඔයා ඔයාගේ කෑගහලා අඩන හිතත් එක්ක... මූනිච්චාවට හිනාවෙන ඇස් එක්ක මගේ අත් අතර ගුලි වුනා...

ඔයා එදා වගේමයි.. එදා වගේම ඔයා ගාව වයලට් සුවදයි..

වෙලාව නැවතුනානම් කියලා මම කීවෙනි පාරටදෝ මන්දා හිතුවා...

ඒත් කවද්ද මම හිතපු දේවල් සිද්ද වෙන්නේ!!!!

ඔයා මගේ තුරුලෙන් ඈත් වුනා.. ඔයා විඩාබර ඇස් වලින් මාත් එක්ක හිනා වුනා..

සමාවෙන්න.. මට ඔයා වෙනුවෙන් ප්‍රති සිනහවක් දෙන්න බැරි වෙයි... මොකද මම හිනා වෙන එක නවත්තලා ගොඩක් කල්...

" මිනී.. ඔයාට මේ තිරනේ ගැන විශ්වාසද?? ඔයා එයා එක්ක යන්න ඕනම නෑ.. ඔයාට අප්පා.. මන්.. මගේ ඔම්මා ඉන්නවා..ඔයාට පුලුවන් අපි එක්ක මෙහෙ නැවතෙන්න...." මම අවසන් උත්සහයත් ගත්තා...

" නැ ටේ.. මම යනවා.. මට එයාව තනි කරන්න බෑ.. මම යන්නම් ටේ.. මට ඔයාව ගොඩක් මතක් වෙයි.." අල්ලන් හිටපු මගේ අත අතඇරලා ඔයා යන්න ගියා..

මම අදත් ⁣පරාජිතයෙක් වගේ ඔයා යන දිහා බලන් හිටියා.. පැරදෙන එකත් ඇබ්බැහියක් වෙලා වගේ..

..............................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now