X•~

455 150 8
                                    

වෙනස් වෙලා!!!

ඔයාව පෙනුනේ ගොඩක් චූටිවට... ඉස්සර වගේ ඔයා බෝල පාට නෑ.. ඇදිලා ගිහින්.. හොදටම කෙට්ටු වෙලා...⁣ ඔයා සෝපා⁣වට ගුලි වෙලා බ්ලැන්කට් එකකින් වැහිලා හිටිය විදිය නිසා ලෙඩ පාටක් ඉස්මතු වෙලා පෙනුනා..

ඇස් වටේ කලු වෙලා.. ඔයා නිදි මරලා වෙන්න ඇති.... ඔයා ලොකු ඇදුමකිනුයි අයිස් කැප් එකකිනුයි ඔයාව වහගෙන... මට වෙන වෙලාවකනම් හිනා වෙන්න තිබ්බා.. ඒත් මම හිටියේ ඔයාව ගොඩ කාලෙකට පස්සේ දැක්ක නිසා සතුටු වෙන ගමන්...

"ටේ.." එයා ආයෙත් මගේ නම කිව්වා.. මම හිටපු තැනම ගල්වෙලා හිටියේ එයා මන් ලගට එන්න හදද්දි..

ඔයා අමාරුවෙන් වගේ ඉදන් හිටපු තැනින් නැගිට්ටා.. බ්ලැක්ට් එක ඔයාගේ කකුල ලගට පල්ලම් බහිද්දි ලොකු ස්වීටර් එකට වැහිලා ඔයා මන් ගාවට ඇවිදන් ආවා..

ඔයා මට තුරුලු වුනා.. ඒත් වෙනදා වගේ නෑ.. ඔයා මගෙන් ඈත් වුනාමයි මම වෙනස දැක්කේ...

ඒක.. ඒක..

ඔයාගේ බඩ...

ඒක ලොකුයි...

ඔයා ප්‍රෙග්නන්ට් ද???

මම ඔයා දිහා පුදුමයෙන් බලද්දි ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා වුනා.. ඔයාගේ ඒ හිනාව ඇතුලේ ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් තිබුනා කියලා මට දිවුරන්න වුනත් පුලවන්..

ජන්කුක් එතනින් ගිහින් තිබුනේ මීට ගොඩක් කලිනුයි.. හරියට අපිට තනි වෙන්න ඉඩ හදලා දීලා වගේ...

මම ආයෙත් ඔයා දිහා බැලුවා ....

....................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now