III•~

552 147 6
                                    


" ටේ....

මම මැරි කලත් ඔයා හැමදාම මගේ ගාවම ඉන්නවා නේද?? " එයා හිටියේ මගේ උරහිසට ඔලුව තියාගෙන... අපි හිටියේ් එයාගේ කාමරේ වහල උඩ.. ඉර බහින හැටි මෙතන්ට හොදට පෙනුනා....

" මිනී... මම ඔයාට දැන් ආදරෙයි කිව්වොත් ඔයා ඒක කොහොමද පිලිගන්නේ..." ගොඩක් කාලෙක ඉදන් කියන්න තිබුනු දෙයක් මම එහෙම වචන කලා.. මගේ හදවත ගැහෙන හැටි මටම ඇහුනා..

අනේ දෙවියනී.. මිනීට මගේ හදවත ගැහෙන වේගේ දැනෙන්න දෙන්න එපා...

එයා මගේ උරහිසි⁣න් ඔලුව අරන් මන් දිහා බලන් හිටියා... මට දැනුනේ ඒ තත්පර කිහිපය කල්පයක් වගේ.. එයා හැමදාම වගේ මාව අසරන කරමින් මගේ ඉස්සරහා ලස්සන මලක් වගේ හිටියා...

" මේ වෙලාවේ ඔය වගේ විහිලු කරන්න එපා ටේ.. මම ගොඩක් ⁣කන්ෆියුස් වෙලා ඉන්නේ... "

විහිලුවක්!!! එයා ඒකත් මන් කලාතුරකින් කරන විහිලුවක් ගානට දැම්මා.. කමක් නෑ මිනී... මට ඔයාව තේරුම් ගන්න පුලුවන්..

කවුද සෝල්මේට් කියන බැදීම ආදරේකට පෙරලගන්නේ.. හැමදාමත් වගේ මමයි වැරදි..

මෝඩයෙක්!!!

ඒත් ඔයා අත්හරින්න බැරි ලෝභ හිතෙන දෙයක් මිනී... මම කොහොමද ඔයාව අතඅරින්නේ.. එතකොට මගේ අවුරුදු දහයක ඒක පාර්ශික ආදරේට මොකද වෙන්නේ????

එයා ආපහු මගේ උරහිසට බර වුනා.. හැමදාම මෙහෙම ඉන්න තියෙනවනම්...

"එයා කොහොම කෙනෙක්ද දන්නැ... අප්පා තෝරපු නිසා එයාව මට ගැලපෙයි..  එහෙම නේද ටේටේ??" එයා ආපහු මගේ දිහා හැරිලා බැලුවා...

" ම්ම්.. ඔවු... අනිවාර්යයෙන්ම" මම කොහොමහරි වචන කලා.. මේක අමාරුයි..  ගොඩාාාාක්....

"ඒකනේ.. මට එයාව බලන්න ආසයි.." මිනීගේ මූන අනිවාර්යයෙන්ම රෝස පාට වෙලා ඇති.. මට එයා දිහා බලන්න ඕනේ වුනත් මම මගේ ඇස් බැහැගෙන යන ඉරටම අලවගෙන හිටියා...

මේක අමාරුයි...

.......................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now