XVIII•~

449 140 5
                                    

"අවසානය ගොඩක් ලන්වෙලා... කොයි මොහොතද කියලා හරියටම කියන්න බෑ.." ජන්කුක්ගේ වචන මගේ ඔලුවේ දෝංකාර දුන්නා...

ඔයා ජන්කුක්ගේ අත් අතර⁣⁣⁣ට මැදි වෙලා බාත්රූම් එකෙන් එලියට ආවා.. ජන්කුක් ඔයාව සෝදලා ලස්සන ස්වීටර් එකක් අන්දලා තිබ්බා... ඔයාගේ සුවදෙන් කාමරේ පිරිලා ගියා.. ඔයාව ඇදෙන් තියපු ජන්කුක් ඔයාගේ ඇදුමට ගැලපෙන අයිස් කැප් එකක් තෝරලා ඔයාට දාද්දි ඔයා ලස්සන හිනාවක් ජන්කුක්ට තෑගි දුන්නා....

මට ජන්කුක් ගැන දැනුනේ අනුකම්පාවක්..

මම ඔයාලගේ කාමරෙන් යන්න හැදුවේ ඔයාලට තනියෙන් ඉන්න ඉඩ දෙන්න හිතන්...

"ටේ යන්න එපා... අපි තුන්දෙනා ටිකක් කතා කර කර ඉමු.. ඔයා ගියාම පාලුයි.." ඔයා කියද්දි මම ජන්කුක් දිහා බැලුවා.. ජන්කුක් හා කියන්න වගේ ඔලුව වැනුවම මම සෝපාවෙන් වාඩි වුනා.. ඔයා ජන්කුක්⁣ගේ තුරුලට ගුලි වුනා...

අපි ගොඩක් දේවල් ගැන කතා කලා.. හැබැයි ඒ හැම කතාවක් ඇතුලෙම හිටියේ ඔයාගේ බබා....

ඔයා හරි සතුටින් ඉන්නේ මිනි..

"ජන්කූ..." ඔයා වේදනාවෙන් මුමුනද්දි හිනා වෙවී හිටපු අපි ඔයා දිහා බැලුවා.. ඔයා වේදනාවෙන් හැකිලිලා.. ඔයාගේ එක බැල්මකින් අපි හැමදේම තේරුම් ගත්තා..

" ටේහ්‍යුන් ඉක්මනට වාහනේ ගන්න.. ජිමින්ට අමාරුයි.." ජන්කුක් කැගහද්දි මම ගෙයින් එලියට දුවලා ගියා.. වාහනේ අරන් එද්දි ඔයා කෙදිරිගාන ගමන් ජන්කුක්ගේ අත් අතර සිහියක් නැතුව ඇඹරුනා...

ඒ කියපු අවසානෙද මේ??

මට විශ්වාසයි ජන්කුක්ගේ හිතේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙත් මේකම වෙන්න ඕනේ..

මේක ගොඩක් අමාරුයි මිනී...

........................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]On viuen les histories. Descobreix ara