XVII•~

426 139 4
                                    

ඔයාගේ කුසට දැන් මාස අටක්.. ඔයා ඇටසැකිල්ලක් ගානයි...

ජන්කුක් ඩොක්ටර් එක්ක කතා කරනකන් ඔයා ආයෙත් ඇදට වැටුනා...

"එයාලා මොනාද කතා කරන්නේ.." ඔයා හරි කුතුහලෙන් බඩ අතගාන ගමන් මගෙන් ඇහුවා...

"නිදා ගන්න මිනී.. ජන්කුක් ඒ ගැන බලාගනී.." මම ඔයාගේ ඔලුව අත ගාලා කියද්දි ඔයා තොල් පෙරලගත්තා..

ඔයාට දැන් කිසි පණක් නෑ... ඔයා ජීවත් වෙනවා කියලා පෙන්නන්නේ ඔයාගේ දිලිසෙන ඇසුයි කටහඩයි විතරයි...

"ටේ.. මට එලිය බලන්න යන්න ඕනේ..." ඔයා ඉල්ලද්දි මම කොහොමද බෑ කියන්නේ... ජන්කුක් ඩොක්ටර් එක්ක කතා කරනකන් මම ඔයාව වඩාගෙන එලිය බලන්න එක්කගෙන ගියා... ඔයා මගේ පපුව උඩ ඔලුව තියාගෙන ඔහේ හිටියා..

"හැමදේම හරි ලස්සනයි නේද ටේ..." ඔයා මිමුනුවා...

"ඔව්.." සැහැල්ලු ඔයා දිහා බලලා මම උත්තර දුන්නා...

"ටේ... ඔයාට අපේ බබාගේ ගෝඩ්ෆාදර් වෙන්න පුලුවන්ද???" ⁣ලොකු නිහඩතාවෙකට පස්සේ ඔයා ඇහුවා..

"හ්ම්...."

"පොරොන්දු වෙනවද??"

"හ්ම්..."

"තැන්ක් යූ ටේ.."

"ඔයාට අපි එක්ක ඉන්න බැරිද මිනී.." මම ඇහුවා... ඔයාට මට යන්න දෙන්න ඕන නෑ...

"මම ඔයාලා එක්කම තමා ටේ ඉන්නේ..." මම නිහඩ වුනා...

"ටේ... මගේ බබාව හොදට බලාගන්න... එයාට කියන්න මම එයාට ගොඩක් ආදරෙයි කියලා.." ඔයා මිමුනුවා.. ඔයාට ගොඩක් මහන්සි පාටයි.. මම ඇවිදින එක නතර කරලා ඔයාව ආයෙත් ඇදට ගෙනියන්න තීරනේ කරා...

ජන්කුක් මෙච්චර වෙලා අපි දිහා බලනුයි ඉදලා තියෙන්නේ... එයා මට ඉඩ දීලා යන්න ගියා...

...................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Onde as histórias ganham vida. Descobre agora