XII•~

458 146 7
                                    


ඒත් එකපාරටම මොකද ඒ වුනේ..

ඔයාට එකපාරටම කතා කරගන්න බැරිව කැස්සක් එද්දි කොහෙදෝ හිටිය ජන්කුක් ඔයා ගාවට දුවන් ආවේ හරියට එයා මේ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ...

එයා ලේන්සුවක් තියලා ඔයාට කහින්න උදවු කලා... එයා ඔයාගේ පිට අතගානවා..  ඔයා ඉන්නේ මොකක් හරි අමාරුවකින්ද මිනි??

ඔයාලට මම ඉන්නවා කියලා ගානක්වත් නැති පාටයි..

හැමදාම වගේ ජන්කුක්ගේ මූනේ හැගීම් කියවන්න අමාරුයි...

අන්තිමට ඔයා කහින එක නතර කලා.. ඔයා ජන්කුක්ට ඔයා හොදින් කියලා අගවන්න වගේ එයාගේ අත අල්ලන් ඔලුව වැනුවා.. ඔයා එයා දිහා බලලා අමාරුවෙන් හිනාවුනා.. ජන්කුක් ලේන්සුව ඔයාගේ අතට දීලා ආයෙත් අපිට තනි වෙන්න දෙද්දි ඔයා අපහසුවෙන් වගේ මන් දිහා බලලා හිනා වුනා...

"ඔයාට අපහසුවක් දැනුනනම් සමාවෙන්න ටේ..." ඔයා කිව්වා....

ඔයාව කවදාවත් මට අපහුසවක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගන්නේ කවද්ද මිනී....

" ඔයා හොදින්ද මිනී.. ඔයා අසනීප පාටයි..." මම අන්තිමට ඔයා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනත් ඔයාගෙන් ඒ ගැන ඇහුවා....

"මම හොදින් ටේ.. ඒක මේ පොඩි කැස්සක්..." මම ඔයාගේ අතේ තියෙන ලේන්සුවේ පුංචි ලේ පැල්ලම දිහා බලාගෙන ඔයාව විශ්වාස කලා කියලා අගවන්න ඔලුව වැනුවා...

අපි කාටද මිනී මේ බොරු කරන්නේ.. අපිටමයි නේද???

අන්තිමට ඔයා මාව පොරොන්දු කරගත්තා හැමදාම ඔයාව බලන්න එනවා කියලා... පුදුමෙකට වගේ ජන්කුක්ගේත් කිසි අකැමැත්තක් පේන්ඩ තිබ්බේ නෑ...
හැමෝම වෙනස් වෙලා!!!

ඔයයි මමයි ඔහුයි....
  

........................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now