අනික ජන්කුක් ඔයා එක්ක හැම වෙලාවෙම ඉන්නවා... ඔයාලට තව පාරක් උත්සාහ කරන්න පුලුවන් මිනී.. ටිකක් හිතලා බලන්න... ඔයා දැන් ඉන්න තීරනේම හිටියොත් ඔයා වටේ ඉන්න අය ගොඩක් දුක් වෙයි.. ඒත් ඔයා ජීවත් වෙන්න තීරනේ කලොත් ඔයාට තව ගොඩ කාලයක් සතුටින් ඉන්න පුලුවන් වෙයි... ම..." මම කතා කරන එක නැවැත්තුවේ ඔයා මට නවත්තන්න කියලා අතින් සන් කරපු නිසා...

" ඔයා දැන් කියන්න හදන්නේ මගේ දරුවව මරලා දාලා මට ජීවත්වෙන්න කියලනම් , කිම් ටේහ්‍යුන් ඔයාට පුලුවන් දැන් මේ කතාව නවත්තලා මෙතනින් යන්න.." ඔයාගේ කටහඩ කවදාවත් නැති තරම් තදයි..

"මිනී අහන්න... ම..." මම කතා කරන්න ගියත් ඔයා කේන්ති ගන්නවා දැකලා මම පසුබැස්සා...

"කිම් ටේහ්‍යුන්.. මම දැන් එක සැරයක් කිව්වා.. ආහ්... කැහ්.. කැහ්.." ඔයා එකපාරම පපුව අල්ලන් කහින්න ගද්දි මම ඔයාගේ අතට ලේන්සුව ලන් කරා.. ඒත් තාමත් ඔයා මන් දිහා කේන්තියෙන් බලන් ඉන්නවා.. මම නිහඩ වෙන්න තීරනේ කලා..

ඔයාගේ කෑම එක අරන් එන ගමන් හිටිය ජන්කුක් ඔයාව දැකලා එකපාර ඔයා ගාවට දුවන් එද්දි මම ඔයාගෙන් ඈත් වුනා.. ඔයා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කහිනවා...

"ජන්කුක්.. ටේ කියනවා මට අපේ බබාව නැති කරලා දාන්නලු.. එයාට කියන්න මට එහෙම බල කරන්න එපා කියලා.. අනේ.." ඔයා ජන්කුක්ගේ තුරුලේ අඩද්දි මම හදවතේ වේදනාව දරාගෙන ඔයාලට ඉඩදුන්නා....

"ජිමින්.. ජිමින්.. ටේහ්‍යුන් කිව්ව දේ ගැන ආයේ පාරක් හිතලා බලන්න.. ඔයා මේ දේ කරන්න ඕනම නෑ.. ඔයා..." ඔයා එකපාර ජන්කුක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇති.. ඔයා ⁣චූටි අත්වලින් ජන්කුක්ව තල්ලු කරලා වේදනාවෙන් අඩන්න ගත්තා...

"ඔයා කොහොමද එහෙම හිතුවෙවත් ජන්කුක්.. ඔයා කොහොමද අපේ බබාව නැති කරන්න හිතුවෙවත්.. ඔයා කොහොමද???

යන්න ඔය දෙන්නම මෙතනින්... ආයේ මගේ දරුවා ගැන කතාවත් කරන්න එපා.. යන්න මෙතනින්.. මට තනියම ඉන්න දෙන්න.." ඔයා වේදනාවෙන් අඩද්දි මම මේ දැන් ඔයාව තුරුලු කරන් ඔයාව සනසන්න තිබ්බ අවස්තාව විහින්ම නැති කරගත්තා කියලා තේරුම් ගත්තා.. ඔයා වේදනාවෙන් කහිද්දි ජන්කුක් ඔයා ගාවට එන්න හැදුවත් ඔයාගේ මූන දකිද්දි අපි දෙන්නම පහුබැස්සා....

මම එතනින් එන්න ආවේ තවත් ඔයාගේ වේදනාව මගේ හිතට බර වැඩි නිසා...

මමයි ජන්කුකුයි ඔයා වේදනාවෙන් අඩන ඇහෙන මානේ ඉදන් ඔයා දිහා ඈතට වෙලා බලන් හිටියා...

" එයා මුරන්ඩුයි.." මම කිව්වා... දැන් වේදනාව දැනෙන්නැ වගේ... ඒකත් පුරුද්දට ගිහින්...

"දැක්කද ජිමින්ව..ඒ තමයි ජිමින්.. තමන් ගැන හිතන්නැති අනිත් අය ගැන විතරක් හිතන හිත හොද ජිමින්.." මම හිනා වෙන ගමන් කිව්වා... ජිමින්ව වෙනස් කරන්න හදපු අපියි මෝඩ...

"මම දැන් මොකද කරන්නේ් ටේහ්‍යුන්.. මම අසරනයි.."

මම නෙවෙයි මෙතන ඉන්න එකම අවාසනාවන්තයා... අසරනයා.. මට ජන්කුක් විදින වෙිදනාව ගැන හිතද්දි මන් ගැනම ලැජ්ජ හිතුනා..

...................................................................

Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]Where stories live. Discover now