12

144 39 12
                                    

💚 රයිට්....අපි දැන් මේක බලමූ...

මම පොත මේසෙ උඩින් දිග ඇරලා තිබ්බා..

මායා බලයට සමාන යමන් විද්‍යාත්මකව සොයා  ගත් බව කිවහොත් ඔබ පුදුම වනු නියතනය...ඉන්ස්ට්‍රේට් එකට සමාන බලයක් එන්නත් කිරීමෙන් පරිසරය පාලනය කර හැකි බව ලීඩර් ආයතනයේ විසි පස් හැවිරිදි විද්‍යාඥ්‍යන් වන යූරා සහ ඩැනියල් කියා සිටියි..
එය සත්‍යකි...එම එන්නතට පරිසරය ආකර්ශනය වෙයි..

මම ඉතුරු ටික නොකියවා ඩැනී යූරා ගැන තියන විස්තර හෙව්වා...ඒ දෙන්නා තමා අම්මා කිව්ව එයාගේ යාලුවෝ තාත්තගෙ නංගි...ඒත් එයාලා යුද්ද කාලේ මැරුනා කියලානේ කිව්වේ...මේකෙ විදිහට එහෙම නෑ...

යූරා...

ලීඩර් ආයතනයේ විද්‍යාඥවරියකි
වයස 25
සැමියා ඩැනියල්
දරුවන් රෝසි සහ ලුවිස්
වයස අවුරුදු 25 දී දරු ප්‍රසූතියකට රෝහල්ගතකල අවස්තාවේ අතුරුදහන් විය

ඩැනියල්

ලීඩර් ආයතනයේ ප්‍රදාන විද්‍යඥවරයා
සොයුරා ෆෙඩ්‍රික්
දරුවන් රෝසි,ලුවිස්
වයස 25 දී ඔහුගේ බිරිද වූ යුරා සමග අතුරුදහන් විය..

මගෙ ඇස් අදහා ගන්න බෑ...රෝසි...ලුවිස්...අපි තුන්දෙනා අම්මාගේ දරුවෝ නෙමේද...කෝකටත් අනික් අය ගැන බලමු..

කියා

ලීඩර් ආයතනයේ විද්‍යාඥවරියක්
වයස 20 දී චාල්ස් , තම මිතුරිය යූරාගේ සොයුරා සමග විවාහ විය
දරුවන් ජෝර්ජ් සහ ටෙරන්ස්
තම මිතුරන්ගේ අතුරුදන් වීමෙන් පසු ඔවුන්ගෙ දරුවන් ඇය හා ඇගේ සැමියා බාරයට පත් විය.

චාල්ස්

ලීඩර් ආයතනයේ ප්‍රදානියා
වයස 22 දී කියා සමග විවාහ විය
දරුවන් ජෝර්ජ් සහ ටෙරන්ස්
තම සොයුරියගේ අතුරුදන් වීමෙන් පසු තම බිරිද සමග යූරාගේ දරුවන් ඔහුගෙ බාරයට ගත්තෙය..

කෙවින්

ලීඩර් ආයතනයේ විද්‍යාඥවරයෙකි
වයස 22
බිරිද ස්නේහා
දරුවන් කෙන් සහ කෙනී


ඒ ඔක්කොම ගැලපෙනවා...මම ඇස් වල නලියන කදුලු හිර කරන් පුස්තකාලෙන් එලියට දිව්වේ මේක ඇතුලෙ අඩන්න බැරි නිසයි..

(😒💔හොයන්න ආපු එක හොයන් යන්නෙ නැතුව වෙන රෙද්දවල් හොයලා දැන් අඩනවා)

සොහාන් ලුවී දෙන්නා මගෙ පස්සෙන් එනවා මට දැනුනෙ නෑ...මම මේ තරම් කල් අම්මේ තාත්තෙ කියලා තියෙන්නෙ පුන්චිටයි බාප්පටයි..ඒ දෙන්නා මට පොඩිවත් වෙනස් කමක් කලේ නෑ...අක්කාටයි අයියටයි පවා...මම පාර ගාව බංකුවක වාඩි වෙලා හොදටම ඇඩුවා...

Yukii ✔️✔️Where stories live. Discover now