7

151 40 8
                                    

💚 චාල්ස් ..කියා මගේ දෙමව්පියෝ...

ආච්චි ටිකක් ශොක් උනා වගේ..

❔ මම යන්නම් දරුවෝ...

මම මුකුත් කියන්නත් කලින් එයා ගියා..මම බංකුවෙම ඉදන් මනෝ පාරක් ගහන්න ගත්තා...

🐯 ආ...යුකී...

💚 ලුවී...ආ...මේ සොහානුත් ඉන්නේ...

🦁 ඔව්...අපි කොහේ ගියත් ඔයා ඉන්නවානේ..

💚 යා...ඔයාලා මාව ෆලෝ කරනවද..

🦁 අම්මො නෑ....



අපේ නිවාඩුව ඉක්මනට ඉවර උනා...මාර නිවාඩුව..සොහානුයි ලුවීයි දෙන්නා දාලා එන එක ගැන මට ලොකු දුකක් දැනුනා...ඒත් එයාලාගේ පෝන් නම්බර් ඉල්ල ගත්තා...



සතියකට පසු...

🍄 යුකී....අද නේද කෙල්ලේ පලවෙනි දවස...ඉක්මනට පහලට එන්න...කොන්ඩේ පීරන්න..

💚 එනෝ...

සැන්ඩ්විශ් එක කකා මම පඩිපෙල බැස්සා...අද තමා මම කොලේජ් යන පලවෙනි දවස...එපා වෙනවා අනේ උදේම නැගිටින්න ගියාම..

🐥 නගින්න කාර් එකට...

මම කාර් එකට නැග්ගා...අයියා මාව ගිහින් දැම්මා...කොලේජ් එකේ ගේට්ටුව ගාවට යද්දි මගේ කකුල් වෙව්ලනවා...මම ගොඩක් අය ඉන්න තැන් වලට බයයි...මම යාලුවෝ හදා ගන්න දන්නෙත් නැහැ...හ්ම්..මොනා කරන්නද...යන්නම එපෑ...

මම ඉස්සරහට අඩිය තියද්දිම මොකෙක්ද එකෙක් ඇවිත් මගේ ඇගේ හැප්පුනා....එකෙක් නෙමේ එකියක්...ඒකිගේ හීල්ස් දාන් හිටියෙ හොද වැඩේ බැරි මගුල් දානවට...

💚 සොරී....අද අද මම ආපු පලවෙනි දවස..

❤️ සොරි...ශික්..සොරි කියන ලස්සන...තමුසේ දන්නවද මම කවුද කියලා..

💚 නෑ යකො...මම කිව්වේ මම ආවේ අද..

❤️ ඒක තමා...නැත්තම් තමුන් මට මෙහෙම කට ගහන් එන්නේ නෑනේ...

ඒකි අතේ තිබ්බ බෑග් එක ඉස්සුවේ මට ගහන්න...වාව් දෙයියනේ කියලා පලවෙනි දවසේ කොලේජ් එක ඇතුලට යන්නත් කලින් හෑන් බෑග් එකක පාරක් අනුභව කර හැකි...මම ඇස් වහ ගත්තේ ගෙදර ගිහින් අම්මලාට මොනාද කියලා හිත හිත...ඒත් පාර වැදුනේ නැති නිසා මම ඇස් ඇරියා...හත්තික්කේ...ලුවී...එයා අර කෙල්ල මට ගහන්න උස්සපු අත අල්ලන්..

❤️ අ..අයියේ...

හෑ....ලුවී මේ සකබබරෙ අයියද..

🐯 මොකද ටිශා...ඔයාට නිකන් ඉන්න බැරිද...ආ...

❤️ මේකි මාව වැට්ටුවා...ඔයාට ඔයාගේ නංගිට වඩා වටින්නෙ මේ කෙල්ලද..

🐯 ඔයාට ඔය තරම් උස හීල්ස් දාන්න එපා කියලා කියලා තියනවනේ...ඔයාට තුවාලද...මෙයා කරපු වරදට මම සමාව ඉල්ලනවා..

ලුවී මා දිහාට හැරුනා...

❤️ මේ වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක්ගෙන් සමාව ඉල්ලන්න ලැජ්ජ නැද්ද...

තර්ඩ් ක්ලාස්...යකෝ මේකි...මට කියන්න හිතුනා මම තමා ලීඩර් කම්පැනියේ අයිතිකාරයාගේ බාල දුව කියලා...(ලීඩර් කම්පැනිය මතකයිනේ ගායිස්...)

එතකොටම ඈතින් ආවේ සොහාන්...මුන් දෙන්නම මේකෙද...හූස්..දැන් නම් පාලුවන් නැති වේවි...
හෑ...මෙන්න අර ටිශා කියන එකී සොහාන්ව බදා ගත්තා..

❤️ බලන්නකෝ සොහාන් අයියේ අපේ අයියා මට බැන්නා..

🦁 ලු...වී...මො..

සොහාන් මා දිහාට හැරුනා..

🦁 යුකි...

💚 හී...

🦁 ඔයා මේකෙද..

💚 අද ආවේ...

🐯 ආපු දවසෙම ටිශා මෙයාට ගහන්න ගිහින්..

❤️ හෑ...මේකි ඔයාලාගේ යාලුවෙක්ද...

🦁 ඔව්...හොදම යාලුවෙක්..

සොහාන් මගේ කරට අත දා ගද්දි ටිශාගේ මූන ඇබරුනා..

🐯 යුකි ඔයාට දහ අටයිනේ..

💚 ඔව්..

🐯 එහෙනම් ඔයා සොහාන් එක්ක ක්ලාස් එකට යන්න.

💚 ඔයා.....

🐯 මට දහ නවයයි..ටිශාත් ඔයාලාගේ ක්ලාස් එකේ....එයා ටිකක් හොද නෑ..

අන්තිම ටික කිව්වෙ හිමීට...

එතකොටම බෙල් කරා..

🦁 යුකී ..එන්න ක්ලාස් එකට යමූ..

සොහාන් මගේ අතින් ඇදන් කොලේජ් එකට දුවද්දි ටිශා නම් හිටියේ තරහින්...
සොහාන් මට එයා ගාවම ඉද ගන්න කිව්වා...අනේ මන්දා...මට හිතෙනවා මම සොහාන්ව ගොඩක් හුරුයි වගේ...ගොඩ කාලෙක ඉදන් අදුරනවා වගේ දැනෙන්නේ....අනේ මන්දා...එයා මාව අල්ලන හැම වෙලාවකම වගේ මගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා තේරෙනවා....

👨‍🏫 අද ඔයාලාට අලුතින් යාලුවෙක් එකතු වෙනවා...යුකී...






කියම්න දෙයක් නෑ

ගුම්නයිට්

Yukii ✔️✔️Where stories live. Discover now