chapter 16 💚❤️

446 153 42
                                    

ශාන් උදේ නැගිටිනකොට හිටියෙ යිබො හිටපු ඇඳ උඩ . ඒත් බෝ පේන්න හිටියෙ නැ. වොශ් රූම් එකේ වතුර සද්දෙ නිසා ශාන් තේරුම් ගත්තා බෝ නානවා කියලා. එයා ඇදෙන් බහිනවත් එක්කම එඩ්වඩ් ඇවිත් කතා කරා

" සර්ව බලන්න කැම්පස් එකෙ යාලුවො වගයක් ඇවිත්. එයාලව යවන්න හැදුවට යන්නෙත් නැ. බලන්න එන්න දෙන්නද "

" අහ් ඉන්න එඩ්වඩ් මම බලන්නම් "

ශාන් ඇඳෙන් නැගිටලා එලියට යනකොට චෙන් , ලුලූ, වගේම ටීම් එකේ හැමෝම එතන වට වෙලා සුපුරුදු ගොන් පාට් ටික දාගෙන කතා කර කර ඉන්නවා. ශාන් එලියට ඇවිල්ලාත් ටික වෙලාවක් යනකල් මුකුත් නොකියා අත් දෙකත් බැඳගෙන කොල්ලො ටික දිහා හිනා වෙවී බලන් හිටියා. ශාන් ඉන්නව කියලා කාටවත් ගානක් නැ ඒතරම් රස ඕපදූප කියව කියව හිටියෙ

" ඇති නේද කට්ටියගෙ කයිය "

" අඩෝ ශාන්. අම්මො උබව දැක්ක කල් " චෙන් එහෙම කියාගෙන ගියෙ ශාන්ව බදාගන්න

" හා හා නවත්තපන් උබලගෙ කෝලම් ටික. පැය ගානයි දැක්කෙ නැත්තෙ. බටර් පාර බලහම්කො මුන්ගෙ "

" අයින් වෙයන් බං. මුන් දැන් vip පීපල් ලා " ඒ එයාලගෙ ලීඩර් සුහො.

" අප්පටසිරි ඔව්නෙ . මට කියහන් උබල කවද ඉදලාද වැදගත් මිනිස්සු උනේ කියලා "

" අපි වැදගත් මිනිස්සු තමයි යකො උබලා වගේ උන් ආශ්‍රය කරාට 😌😌 " ශාන් තවත් යාලුවෝ ටික ඇවිස්සුවා

" ශික් අපරාදෙ ආවෙත් . මුන්ගෙ ලයින් එක බලපන්කො . යමන් චෙනා යන්න " ඒ ලුලූ

" ඔන්න ඔන්න ඉතින් බබා වෙන්න එනවා. දැන් උබලා ආවෙ මොකටද කියපන්කො " චෙන්ගෙ කරට අත දාගන්න ගමන් ශාන් කිව්වෙ .

" ඇ බං සිරාවටම කෝ බන් යිබා "

" අහ් උබලාට දැන්ද ලෙඩාව මතක් උනේ. මරු සෙට් එක ඇවිත් තියෙන්නෙ "

" කොහෙද ඉතින් උබ අපිව කයියට අල්ලගත්තානෙ "

" මට අල්ලගන්න දෙයක් තිබ්බයැ "

" මට යිබෝව බලන්න දීපියව් " කියාගෙන චෙන් යිබොගෙ කාමරේට ගියා

" පලයන් පලයන් මෙතන අදෝනා දෙන් නැතුව"

හැමෝම ඇතුලට යනකොට යිබො නාලා ඇවිත් ඇද හදනවා

playboy Tahanan ng mga kuwento. Tumuklas ngayon