මේ විදිහට කාලෙ ගෙවිලා ගියේ බෝ ශාන්ට ටික ටික ලන් වෙමින්. දැන් දෙන්නා හොඳ යාලුවෝ ඉතින් බෝට තනියක් දැනුනෙ නැ.හැමවෙලේම එයා ගැන හොයන්න කෙනෙක් හිටියා.යිබෝ ගොඩක් සතුටින් හිටියෙ මේ වෙනකොට .ශානුත් අනිත් අය එක්ක ඉන්නවට වඩා බෝ එක්ක ඉන්න ගොඩාක් ආස කලා.
..................................
සතියට දවස් හතරක් එයාලට sports වලට practice වෙන්න කාලෙ දුන්නා .හැමෝම හරිම උනන්දුවෙන් practice වලට සහභාගී උනා.බෝ ශාන් දෙන්නට නම් practice වලට අමතරව තව වැඩ තිබ්බා.ඒ තමයි රන්ඩු වෙන එක.මොකක් හරි පොඩි දේකට ඒ දෙන්න රන්ඩු වෙනවා. ශාන්ගෙ වැඩේ කාව හරි අල්ලගෙන බෝට එක එක දේවල් කියන එක.ඉතින් බෝත් නිකන් ඉන්නෙ නැ එයත් එක එක දේවල් කියනව.පස්සෙන් පන්න පන්න ශාන්ට ගහනවා.මෙච්චර කල් ගොළුවෙක් වගේ හිටපු බෝ දැන් ඉන්න විදිහ ගැන හැමෝම පුදුම උනා.දැන් බෝ ලමයි එක්ක ගොඩක් හොඳින් ඉන්නවා.හැබැයි ඉතින් කලින් වගේම ගැණු ලමයි එක්ක නම් එයාට කිසිම කතාවක් නැ.
දවසක් practice ඉවර වෙලා rest room එකෙ ඉන්නකොට කැරපොත්තෙක් යිබොගෙ කකුල ලගින් යනව දැක්කා.
❤️ " ඒයි බෝ ඔයාගෙ කකුල ලඟ කැරපොත්තෙක් .බලාගෙන පෑගෙයි " ශාන් වැඩිය ගනන් ගන් නැතුව කිව්වා.
💚 " හ්ම්ම්.." බෝ හිටියෙ වෙන කල්පනාවක.ඒත් එක පාරටම
💚 " මොකෙක් කියලද කිව්වෙ ?? කැරපොත්තෙක් ?? " කියන පමාවටම ලඟ තිබ්බ මේසෙ උඩට නැගලා කෑ ගහන්න ගත්තා.
💚 " අනේ ශාන් බලාගන ඉන්නෙ නැතුව ඌව ඉක්මනට අයින් කරන්නකෝ "
ශාන් තවම කල්පනා කරනව මොකද්ද උනේ කියල.
❤️ " මොනාද බෝ ඔයා කැරපොත්තෙක්ටත් බයයිද.ශිකේ මොන ලැජ්ජවක්ද මේ..ආ ඉන්න පොඩ්ඩක් මට කවුද කතා කරනවා මන් බලලා එන්නම්.ඔය කැරපොත්තාව හොඳට බලාගන්න."ශාන් බොරුවට එහෙම කියලා කාමරෙන් එලියට ගියා.ගිහින් ජනෙල්ලෙන් බලාගෙන හිටියා බෝ කරන්නෙ මොකද්ද කියල.
💚 " අනේ යන්න එපා.ඉන්නකෝ .ශාන්...අනෙ එන්නකෝ "
බෝ එකටම කැ ගහනවා.ශාන් ආපහු ගිහින් කැරපොත්තව කාමරෙන් එලියට දැම්මා.