chapter 02 💚❤️

659 139 26
                                    


   තමන්ගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුන ඔහු කෝල් එක අන්ස්වර් කරේ මේ වෙලාවෙ කවුද බලන්න..කෝල් එක ඉවර උනාට පස්සෙ හොස්ටල් රූම් එකෙ යතුරත් අරන් බයික් එක ස්ටාර්ට් කරලා වේගෙන් හොස්ටල් එකට යන්න ගත්තෙ හරිම කේන්තියෙන්.මොකද ඔහුට office  එකෙන් දැනුම්  දුන්නා එයාගේ රූම් එකට අලුත් ලමයෙක් එනව එයාට රූම් එක පෙන්නන්න කියලා.

"ඒ පාර මොන බෝම්බයක් ද පාත් වෙන්නෙ.මට පාඩුවෙ ඉන්නවත් නැ. දැන් ඉතින් ක්ලබ් එකේම තමයි ඉන්න වෙන්නෙ..කමක් නැ කවුරු උනත් හැරුන තැපෑලෙන්ම යන්න තමයි වෙන්නෙ 😏😏"

මෙච්චර කල් ඒ රූම් එකට ආපු ලමයි රූම් එකෙ හිටියෙ එක දවසක් හෝ දෙකයි.කවුද කැමති කාත් එක්ක වත් කතාවක් නැති හිනාවත් වත් නැති අමුතු ලමයෙක් එක්ක තමන්ගේ කාමරය බෙදාගන්න.

ඇත්තටම කවුද මේ??මේ තමයි යීබො.ප්‍රසිද්ධ  politician කෙනෙක් හා ව්‍යාපාරිකයෙක් වන වැන්ග් මහතාගේ පලවෙනි පුතා.තමන්ගෙ පවුලේ අයගෙන් ඇත් වෙලා තනියම පොඩි කාලෙ ඉදන් හැදුන යීබෝ අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක්.හැමෝම හිතන්නෙ ඔහු දරුණු පුද්ගලයෙක් කියලා.ඒ උනත් ඔහුට දරුණු කෙනෙක් කියනවට වඩා ගැලපෙන්නෙ තනි උන කෙනෙක් කියන එක.ඒත් ඔහුව තේරුම් ගන්න කවුරුත්  හිටියේ නැ.අඩුම තරමේ girl friend  කෙනෙක් වත් ,යාලුවෙක් වත් ඇති කරගන්න ඔහු බය උනේ පවුලෙ අය වගේම අනිත් අයත් එයාව දාල යයි කියලා බයට.

ඒ වගේම  යිබො මිනිස්සුන්ව විශ්වාස කරෙ නැ.අනිත් මිනිස්සුන්ගේ හැඟීම් ගැන හිතුවෙ නැ.එයාට අවංකවම ආදරය කරමින් කෙල්ලො කොච්චර ආවත් එයා ගනන් ගත්තෙ වත් නැ ඒ කවුරුවත්.

යීබොගෙ තාත්තාගෙ ක්ලබ් එකේ අයිතිය එයාට දිලා තිබුනේ.එයා කැම්පස් එකට අමතරව වැඩි වෙලාවක් කාලෙ ගෙව්වෙ ක්ලබ් එකෙ .යිබො ක්ලබ් එකට වෙලා කරේ ගේම් play කරපු එකයි, එක එක කෙල්ලො එක්ක dancing  කරපු එකයි.කැම්පස් එකේදි වගේ නෙවෙයි ක්ලබ් එකේදි එයාගෙ පස්සෙන් ආව ගැනු ලමයිට එයා මුකුත් කිව්වෙ නැ.හැම වෙලෙම කවුරු හරි කෙල්ලෙක් එයා ලගම ඉන්නවම තමයි.ඒත් යීබො ඒ කාත් එක්කවත් වැඩිය කතා කරේ වත් නැ.ඒ වගේම dancing  වලදි හැරුනම කිසිම ගැනු ලමයෙක්ගෙ අතින් වත් අල්ලලා නැ.යිබො කියන්නෙ හරිම වැදගත් විදිහට හැදුන කෙනෙක්...

playboy Where stories live. Discover now