chapter 06 💚❤️

552 144 34
                                    


❤️ "එයා අද හොදටම තෙමිලා ආවෙ අම්මා .සනීප නැද්ද දන් නැ"
ෆෝන් එක කනේ තියාගෙනම ශාන් බෝගෙ නලලට අත තියලා බැලුවා.

❤️ " අනේ බෝ..ඔයාට හොඳටම උන නේද "

..............................................

" පුතා පොඩි රෙදි කෑල්ලක් තෙත් කරලා නලලේ තියලා එයාට හුලන් වදින්න දෙන්න"

❤️ " හරි අම්මා.මන් තියන්නද හෙට කතා කරන්නම්"

" හරි පුතේ පරිස්සමෙන් ඉන්න "

කෝල් එක කට් කරලා ශාන් පොඩි ටවල් එකක් අරන් වතුරෙ පොඟවලා බෝගේ නලලෙ තිබ්බා.එයා පොරවගෙන හිටපු ශීට් එකත් අයින් කරලා එයා ඇඳගෙන හිටපු ජ'සි එක ගලවලා සැහැල්ලු t ශර්ට් එකක් අන්දලා first aid box එකෙන් බෙහෙත් අරන් බෝට බොන්න දුන්නා.
බෝ හරි සිහියෙන් නොහිටියත් ශාන් දුන්න බෙහෙත් ටික බිව්වා.

💚 " අනේ මට සීතලයි ශාන් .. " බෝ කිව්වෙ කෙඳිරි ගාමින්.ශාන් බෝගේ කම්මුලට අත තියලා බැලුවා.කලින්ට වඩා උන අඩු බවක් ශාන්ට දැනුණා.

❤️ " ඔහොම ඉන්න පන්ඩිතයෝ .තව ටිකකින් හරි යයි ."

බෝට ආයෙත් නින්ද ගියා.මේ වෙනකොට පාන්දර එකත් පහු වෙලා.ශාන්ටත් හොඳටම නිදිමත වෙලා හිටියේ.ඒත් එයා නිදාගන්න යන් නැතුව බෝගෙ ඇඳ ලඟින් පුටුවක් තියාගෙන වාඩිවෙලා හිටියේ.ටික වෙලාවකින් එයාට බෝගෙ ඇඳේ ඔළුව තියාගෙන නින්ද ගියා.

පසුදා උදෙන්ම ඇහැරුනේ බෝ.ඔළුවට දැනුන බර ගතියත් එක්ක ඔළුවත් අල්ලගෙන නැගිටින්න හදනකොට තමයි එයා දැක්කෙ ශාන්ට එයාගෙ ඇදේම නින්ද ගිහින් කියලා.ආපහු ඇදේ හාන්සි උන බෝ පෙර දා රාත්‍රියේ සිදු උන දේ ගැන මතක් කරන්න උනා.

මෙතෙක් කල් බෝට අසනීපයක් උනාම එයා ලඟ හිටියේ නර්ස්ලා ඩොක්ටර්ස්ලා එහෙමත් නැත්තං ගෙදර වැඩ කරන සේවිකාවන් .කවදාවත් එයාට ආදරෙන් සලකන්න කෙනෙක් හිටියෙ නැ.එයා ගැන හොයල බලන්න කෙනෙක් හිටියෙ නැ.ඒත් රෑ ශාන් එයාට සලකපු විදිහට, එයා ගැන හොයලා බලපු විදිහට බෝට අහිංසක සතුටක් දැනුනා.තමන්ගෙම කියල කෙනෙක් එයාට ඉන්නව කියන හැඟීම බෝගෙ සිතෙ ඇති උනා.

බෝ ශාන්ගෙ පැත්තට හැරිලා ශාන්ගෙ මූණ දිහා ඇසි පිය නොහෙලා බලාගෙන හිටියා.එයා අද තමයි ශාන්ව මෙච්චරටම ලඟට මෙච්චර ලස්සනට දැක්කේ.

playboy Where stories live. Discover now