bonus chapter 💚❤️

489 138 29
                                    

ශාන් හෙමීට pavilion එක වටේට ඇස් යැව්වා. එයා දැක්කා ක්‍රිස් වගේම යැන්ග් එයා දිහා බලාගෙන ඉන්නවා . ඒත් එක්කම ශාන්ගෙ මුහුනෙ ස්වභාවය ඉක්මනින් වෙනස් වෙනවා බෝ දැක්කා. ශාන් බො දිහාට හැරුනා . බෝට ශාන්ගෙ ඇස් වලින් උත්තරය ලැබුනා .

______________________________

ඒත්.. ශාන් කිව්වෙ බෝට ඕනි උත්තරේ නම් නෙවෙයි

" එයාල මෙතන නැ " ශාන් කලින් ඉදන්ම මෙහෙම කියන්න හිතාගෙනයි හිටියේ එයා බය උනා බෝගෙ මේ හැසිරීමත් එක්ක එයා මොනා කරයිද කියලා .

" තවත් මට බොරු කරනවද අහ් " බෝ පැහැදිලිවම දැක්කා ශාන් ගෙ මූන වෙනස් උනේ යැන්ග් ,ක්‍රිස් දැක්කාට පස්සෙ කියලා .

" බොරු නෙවෙයි අනේ "

" ඔයාට මාව විහිලුවක් වගේද ශාන් " බෝ කේන්තියට ශාන්ගෙ අත හයියෙන් අල්ලගත්තා . බෝ හොඳටම දැනගෙන හිටියේ ශාන් කිව්වෙ බොරුවක් කියලා

" මොකද්ද කරන්නෙ .මෙතන ලමයි අපි දිහා බලගෙන ඉන්නෙ. අත අරිනවා මගේ අත "

බො ශාන්ගෙ අත අතහැරලා කේන්තියෙන් pavilion එක පැත්තට ගියා.ශාන් බෝව නවත්තන්න හැදුවත් වැඩක් උනේ නැ .ශාන්ට එයාගෙ පස්සෙන් යන්න හිතුනත් මැච් එක පටන් ගන්න ලඟ නිසා එයා හිටියා..

බෝ කෙලින්ම ගියේ liu ලඟට . බෝ යැන්ග් ව සැක කලා විතරයි .ඒ නිසා නිසා එයාට මුකුත් කරගන්න බැ . ඒත් තව ඉවසන්නත් බැ .

" liu මට කතා කරන්න ඕනි .පොඩ්ඩකට එන්න පුළුවන්ද "

Liu ගේ යාලුවොන්ට හිතාගන්න බැරි උනා මොකද වෙන්නෙ කියලා. ශාන් වගේම යිබො කියන්නෙත් හැම කෙල්ලෙක්ගෙම සිහින කුමාරයෙක් . ඉතින් liu ටත් එහෙම තමයි. යාලුවෝ ටික කැගහන්න ගත්තා.මොකද බෝ කවදාවත් කෙල්ලෙක් එක්ක කතා කරනව කවුරුත් දැකලා තිබ්බෙ නැ. Liu හරි සතුටින් බෝගෙ පස්සෙන් ගියා

මේක දැක්ක ශාන් හොඳටම බය උනා. ඊලඟට වෙන්නෙ මොකද්ද කියල හිතන්නවත් ශාන්ට බැරි උනා.

බෝ නැවතුනේ ground එක කෙලවරේ තිබ්බ ගහක් ලඟ .

" ඔයාට මොකද්ද කියන්න තියෙන්නෙ " Liu කිව්වෙ හරි ලොකු කමෙන්

playboy Where stories live. Discover now