chapter 15 💚❤️

689 150 102
                                    

" මට සමාවෙන්න බෝ. මං ඔයාව හොඳින් බලාගත්තෙ නැ. මම නිසයි මෙහෙම උනේ... ඔයා බෑම කියද්දි මම බලෙන් ඔයාව මැච් වලට දැම්මා. ඔයා පැත්තකට වෙලා ඉන්නවා මට බලන් ඉන්න බැරි උනා බෝ. මට ඕනි උනේ ඔයත් අනිත් අය වගේ හිනා වෙලා සතුටින් ඉන්නව දකින්න.. ඒත්.. ඒත් මම කරපු දේ නිසා අද ඔයා විඳවනවා. ඔයා ඔහොම ඉන්නවා මට බලන් ඉන්න බැ . අනේ නැගිටින්නකෝ ...  මං දන් නැ මම වැරදි ඇති. ඒ උනාට ඔයා මට ගොඩාක් විශේෂ කෙනෙක් බෝ. ගොඩාක් විශේෂයි . මට ඒක කියන්න තේරෙන් නැ. මන් කොච්චර ට්‍රයි කරත් ඔයා ගැන හිතන එක නවත්තන්න බැ . ඔයා දන්නවද එදා ඔයා එන්ගේජ්මන්ට් එක ගැන කිව්වාම මගෙ පපුව පැලෙන්න රිදුනා. තාමත් එහෙමයි. මගෙන් ඈත් වෙන්න නම් එපා කවදාවත්..  මම ඔයාට ආදරෙයි ලියෝ.. ඒත් මට ඒක කියගන්න හයියක් නැ. මට බයයි ඔයා එක්ක තියෙන යාලු කමත් නැති වෙයි කියලා "

........................

" කෝ මගෙ හොඳ කොල්ලා වගෙ ආපහු පාරක් කියන්නකො ඔයා මම නැගිටින්න කලින් මගෙ අතත් අල්ලගෙන කියපු එක " බෝගෙ මනමාල හිනාව දැක්කම ශාන්ට පොලව පලාගෙන යන්න හිතුනා

" බෝ.. ඔයා.. "

" ඔව් ඔව් මං බෝ තමයි..ඔයා කියපු ඔක්කොම මම අහගෙන හිටියෙ.දැන් මෙතන බොරු කියන්න නම් ලෑස්ති වෙන්න එපා මෝඩ හාවො "

ඒත් එක්කම ශාන්ගෙ මූන රතු වෙනවා බෝ දැක්කා.. ශාන්ට කියන්න වචන නැ. එයා බය උනා බෝ මොනා කියයිද දන්නැ කියලා.

" ශික් මගෙ කටට බ්‍රේක් නැනෙ . මොනා හිතුවද මන්දා " ශාන් හිතුවා විතරයි .මුකුත් කිව්වෙ නැ .

බෝ දන්නව ශාන් මුකුත් කියන් නැ කියල ලැජ්ජාවට. එක පාරම බෝ ශාන්ගෙ ඔලුව පිටිපසෙන් අත තියාලා එයාගෙ මූනට ලන් කරලා ශාන්ගෙ තොල් සිපගත්තා. තත්පර ගානක් ඒ විදිහටම හිටපු ශාන්ට උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි උනා. ටික වෙලාවකින් ශාන් බෝ ගෙන් ඈත් උනේ කවුරු හරි එයි කියලා.

 ටික වෙලාවකින් ශාන් බෝ ගෙන් ඈත් උනේ කවුරු හරි එයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
playboy Where stories live. Discover now