chapter 09 💚❤️

428 136 19
                                    

" උබලට ඔච්චර පොඩි වැඩක් වත් හරියට කරගන්න බැරිද ? යකෝ ඒ පොඩි කොල්ලෙක් ...ශික් කෑවා මුන් "

" සමාවෙන්න සර්. "

යැන්ග් ගෙ කේන්තියට එයාගේ ගෝලයන්ට ගහගෙන ගහගෙන ගියා.

" නවත්තපන් ඕක දැන් ඒක වෙලා ඉවරනේ .අනික අපේ වැරැද්දක් නැනෙ " ඒ ක්‍රිස්.

" කවුද බං ඒ වෙලාවෙ ආපු එකා "

" මුන් කියපු විදිහට නම් අර යිබෝ ඇවිල්ල තියෙන්නෙ "

" ඌ කොහොමද ආවෙ.ඌ උදේ ගෙදර ගියානෙ .අනික උබ කිව්වනෙ අරූ අද තනියම හිටියෙ කියලා "

" ඔව් බං තනියම තමයි කැම්පස් එකෙන් ගියේ.ඌ එන්න ඇති මොකකට හරි ශාන් හම්බවෙන්න "

" ඒවාගෙන් වැඩක් නැ. වෙන ප්ලෑනක් ගහන්න ඕනි "

..........................

  " ශාන් ඔයා වොශ් දාගෙන එන්නකො breakfast  ගන්න යන්න "

" හ්ම්ම් හා..  අද හොස්ටල් එකට යනවද " ශාන් කිව්වෙ අතේ තිබුන ෆෝන් එක ටේබල් එකේ තියන ගමන් .

" හෙටම යමු.අනිද්ද ඉදලා මැච් පටන් ගන්න නිසා නිසා හෙට දවසම ප්‍රැක්ටිස් තියෙයි.අද රෙස්ට් කරමු "

"  හා .."

ශාන් වොශ් රූම් එකට ගිය අතරේ බෝ ශාන්ගෙ  ෆෝන් එක අරගෙන ශාන්ට කතා කරපු නම්බර් එක හෙව්වා. ඒත් බෝට නම්බර් එක හොයාගන්න බැරි උනා

"' මේ කපටි හාවා නම්බර් එක ඩිලිට් කරලා නේද .බලමුකො මන් හොයාගන්නම් ඔක්කොම "

දෙන්නාත් එක්ක අද දවස සතුටින් ගෙව්වා . හවස් වෙලා ෆිල්ම් එකක් බලන්න ගත්තා කම්මැලි නිසා. ශාන්ට ඕනිම කියපු නිසා horror film එකක් තමයි බලන්න ගත්තෙ. බෝ බලන්න බය උනත් ශාන්ට කිව්වෙ නැ බයයි කියලා.ශාන් දැන ගත්තොත් කොල්ලට ඉන්න වෙන් නැ කියල බෝ දන්නවානේ ඉතින් .

" ශාන්.. "

" හ්ම්ම්.." ශාන් හිටියෙ ෆිල්ම් එකෙ සිහියෙන් .

" මීට පස්සෙ තනියම කොහෙවත් යන්න එපා "

" හ්ම්ම් "

" දන් නැති numbers වලින් කෝල් ආවොත් අන්ස්වර් කරන්නත් එපා "

" හ්ම්ම් "

playboy Dove le storie prendono vita. Scoprilo ora