chapter 11 💚❤️

506 146 29
                                    

ටිකෙන් ටික දොරට තට්ටු කරන වේගෙ වැඩි උනා. තට්ටු කරනව වෙනුවට ආපු කෙනා දොරට ගහන්න පටන් ගත්තා

" බය වෙන්න එපා බෝ "

ශාන් බෝගෙ අත අරගෙන බෝගෙ අනිත් අත උඩින් තියලා දොර අරින්න ගියා

................................

" මොනාද යකෝ වෙලා තියෙන්නෙ .මං උබට කොච්චර කෝල් ගත්තාද. උබලගෙ අක්කත් මට ගත්තා උබේ ෆෝන් එක ආන්ස්වර් නැ කියලා . උබ කොයි වෙලාවෙද ආවෙ මිටින් එක ඉවර වෙලා . මන් උබව හොයාගෙන හෝල් එකටත් ගියා. "
චෙන්ගෙන් ප්‍රශ්න වැලයි .

ශාන්ට දැන් තමයි ෆෝන් එක මතක් උනේ. එයා බෝව හොයාගෙන යනකොට ක්‍රිස් එයාව ඇදලා ගත්ත පාරට ෆෝන් එක විසි උනා.ඒත් ශාන්ට ෆෝන් එක ගන්න සිහියක් තිබ්බෙ නැනෙ.

" චෙනා මන් උබට පස්සෙ කියන්නම් විස්තරේ. මගේ ෆෝන් එක අර හෝල් එකෙ මන් හිතන්නෙ . ඔහොම හිටපන් මං ඒක අරන් එන්නම් "

" උබේ වැඩ නම්. ඉක්මනට වරෙන් මන් එන්නම් උබත් එක්ක " එහෙම කියපු චෙන් ශාන් එනකල් රූම් එකෙ දොර ලග හිටියා

ශාන් රූම් එක ඇතුලට ගියා බෝට කියල එන්න.

" බෝ මගේ ෆෝන් එක අමතක වෙලා ඇවිල්ල තියෙන්නෙ .මන් ගිහින් අරගෙන එන්නම්.ඔයා වොශ් දාන්න.මන් කැමත් අරන් එන්නම්. "

" කොහෙද දාලා ආවෙ ෆෝන් එක "

" අර හෝල් එකේදි වැටුනා. මට ගන්න අමතක උනා "

" ඔයා ඉන්න මන් අරන් එන්නම් .... අහ්හ්.. " බෝ නැගිටින්න උත්සාහ කරත් පපුවත් අල්ලගෙන ආයෙත් බිම වාඩි උනා.

" බෝ ඔයාට මොකක් හරි සනීපයක්ද . ඇයි ඔයා අමාරුවෙන් ඉන්නවා වගේ මට දැනෙන්නෙ " බෝ ක්‍රිස් එක්ක රන්ඩු උනත් ක්‍රිස් බෝට පහර දුන්නෙ නැ කියලා ශාන් හොඳටම දැක්කා. ඒ නිසා ශාන් ට ප්‍රශ්නයක් බෝ මෙහෙම ඉන්නෙ ඇයි කියලා

" මට ප්‍රශ්නයක් නැ .මන් ගිහින් ෆෝන් එක අරන් එන්නම් " ශාන්ගෙ වාරුවෙන් බෝ නැගිටින ගමන් කිව්වා

" ඔයාට පිස්සුද බෝ. නැගිටගන්නවත් බැ. මන් චෙන් එක්ක ගිහින් එන්නම් .ඔයා වොශ් දාගන්න "

playboy Where stories live. Discover now