Chapter 09 🍒

726 235 24
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

🐱 හොබී ප්ලෑන් එකක් තියෙනවද ?

" දේ.... "

🐰 මොකක්ද ?

" අපි ශීබව පොඩ්ඩක් ශොක් කරමු "

🐯 මෝ...හ් ?

" ශීබා දන්නෑ මම ආයෙම ආවා කියලා. ශීබා පහසුවෙන්ම අප්පට ඇටෑක් කරන්න හිතාගෙන එන්න ඇත්තේ. ඒකෙන් ප්‍රයෝජනයක් අරගමු "

🐺 පුතා ඒක භයානකයි.

" බය වෙන්න එපා අප්පා...මාව විස්වාස කරන්න. "

මම තවත් වෙලා නොඉද රහස් කාමරෙන් එලියට එනකොට පැක් එකේ හැමෝමත් මගේ පිටිපස්සෙන් එලියට ආවේ ඔමෙගලා කීප දෙනෙක්ව රහස් කාමරේම පප්ස්ලව බලාගන්න තියලා.

මම ඉස්සරහින් යනකොට අප්පා මගේ දකුනු පැත්තෙන් ආවා.ඩෝම් එකෙන් එලියට යනකොටම කැලේ අස්සේ ඉදන් ශීබයි එයාගේ කට්ටියයි එලියට පැන්නත් කට්ටියම මාව දැකලා ඉන්න තැන්වලම නතර වුනා.

" පුදුමයිද ? අරස්සෝ සටන් කරන්නනේ ආවේ කරලා බලමු "

එහෙම කියලා මම වෘක ස්වරූපෙට හැරෙන්න ඇස් වල පාට වෙනස් කරගන්නවත් එක්කම ශීබා වටේ ඉදපු සාමාන්‍ය පැක්වල අය ආයෙම කැලේට දිව්වා. ශීබා උන් දිහා බලලා කීප සැරයක්ම ගෙරෙව්වත් කවුරුවත්ම නතර වුනේ නෑ. අවසානෙදී ශීබායි තව කීප දෙනෙකුයි විතරක් ඉතුරු උනා.

" තවමත් ඕනි සටන් කරන්නද ? "

අන්තිමට මම වෘක ස්වරූපෙට හැරුනා. අඩියක් දෙකක් ශීබාගේ ලඟට යනකොට ශීබා ටිකෙන් ටික පස්සට යන්න ගත්තා. මම ශීබගේ ඇඟට කඩා පනින්න හදනකොටම ශීබා අනිත් පැත්ත හැරිලා ටික දුරක් දුවලා ආයෙම මගෙ දිහා බැලුවේ හරියට , ආයෙම එනවා කියන්න වගේ. ඈත කැලෙන් ශීබා නොපෙනී යනකොට පැක් එකේ හැමෝමත් වෘක ස්වරූපෙට ආවා. හැමෝම මගේ ඉස්සරහා ඔලුව නවලා ආචාර කරනකොට අප්පා මගේ ලඟට ආවේ ආඩම්බරෙන්. කකුල් තුනකින් ඇවිදින අප්පාගේ මූන පුරාම තිබුන කේසර ලොම් මද හුලඟට එහා මෙහා පැද්දුනේ ආඩම්බරේකින්. කකුල් තුනෙන් කොර ගහන ගමන් හෙමින් හෙමින් මගේ ලඟට ඇවිත් අප්පා මගේ ලඟින්ම හිටගෙන ඔලුව උඩට උස්සලා උඩු බිරුවේ අද ඉදන් පැක් එකේ හෙඩ් ඇල්ෆා මම කියලා ස්තීර කරන්න.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now