Chapter 08 🍒

786 245 21
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

අඩි ගානක් උස තාප්ප වලින් වට වුනු බිල්ඩින් එක බැලූ බැල්මට මාලිගාවක් වගේ ලස්සනට තිබුනා.

🌹 ඔය කටත් වහගෙන බැහැලා එන්න

ඩේජි කියනකම් ඇත්තටම මම බිල්ඩින් එක දිහා බලාගෙන ඉදියේ කට ඇරගෙන.වාහනෙන් බැහැලා මම ඩේජි පස්සෙන්ම ඇතුලට ඇවිදගෙන ගියා. අපි ලස්සනට පෙනුන ගේ ඇතුලට ගියේ ගාර්ඩ්ස්ලා ගොඩක් මැද්දෙන්. මලිගාවක් වගේ පේන ගේ ඇතුලට ගිහින් ඩේජි පොඩි රූම් එකක් ලඟට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් එක තියලා රූම් එකේ දොර ඇරියා. ඒත් මම බලාපොරොත්තු වුන තරම් වෙනසක් ඒ රූම් එකෙ තිබුනේ නෑ.

" මොකක්ද මේක ? "

🌹 රූම් එකක්.

" මේක පෙන්නන්නද මාව එක්කගෙන ආවේ ? "

🌹 අනී....ඔයා තාම කිසි දෙයක් දැක්කේ නෑ.

එහෙම කියලා ඩේජි බිත්තිය ලඟ තිබුන අල්මාරියක් ලඟට ගියා.අල්මාරියේ මල් ලියකම් වල එක තැනක් ඩේජි ඇතුලට ඔබනකොට එකපාරටම අල්මාරිය ඕපන් උනා.ඒක හරියට රහස් කුටියක් වගේ. අල්මාරියේ දොරවල් දෙක ඇරුනම ඇතුලෙන් තව දොරක් ඇරුනා.එතනින් ඇතුල දැක්කම මගේ ඇඟම සීතල වෙලා ගියා.

" මෙ....මෙයාලා ? "

🌹 හැමෝම දන්න වසරේ හොදම කාන්තා ව්‍යාපාරිකාව ඩේජි.... මේ තමයි එයාගේ ඇත්ත

පපුව හරහා අත් දෙක බැඳගන්න ගමන් ඩේජි කිව්වේ ආඩම්බරේකින් උනත් ඒ වචන වල වේදනාවකුත් තිබුනා.

" ඔ.....ඔයා එතකොට මාෆියා ලීඩර් කෙනෙක් ? "

🌹 ඔවු...ඒත් මම රෙඩ් මාෆියා. බ්ලැක් මාෆියා නෙමෙයි.

" රෙඩ් මාෆියා ? මොකක්ද ඒ දෙකේ වෙනස ? "

🌹 මම ඩ්‍රග්ස් ඩීල් කරන්නෑ , අවයව ජාවාරම් කරන්නෑ , ලමා ජාවාරම් කරන්නැ.... මම මැණික් , රෙදිපිලි , සත්තු විතරයි කරන්නේ.

ඩේජිට ඇහුම්කම් දෙන ගමන් මම හෝල් එක දිගටම ඇවිදගෙන ගියා. සමහර සත්තු ගොඩක් තුවාල වෙලා.සමහරු මාව දැකලා ගෙරෙව්වත් මගේ ඇස් දෙක දිහා බලලා කෙදිරිගාගෙන පිටිපස්සට ගියේ හරියට මාව අදුරගෙන වගේ.බ්ලැක් පැන්තර්ස්ලා , වයිට් පැන්තර්ස්ලා , කොටි පැටව් , සිංහ පැටව් වගේම විවිධ කුරුල්ලොත් ඒ අතරේ ඉදියා.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now