Chapter 03 🍒

907 261 70
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

ටිකෙන් ටික වැස්ස අඩු වෙනකොට මට හුරු පුරුදු සුවදවල් කීපයක් දැනෙන්න ගත්තා.මීට කලිනුත් කීප සැරයක්ම එහෙම දැනුනත් මට ඒ ගැන ගානක් උනේ නැත්තේ ඒවා මේ තරම් ලඟින් දැනිලා නැති නිසා. ඒත් අද ඒවා මට ගොඩක් ලඟින් දැනුනා. මගේ ගේ තිබුනේ කැලෑව මායිමේ උනත් කැලෑවෙන් කිලෝමීටර් භාගයක් විතර දුරින්. මම ඉක්මනින් ඇඳුමක් දාගෙන පහලට ආවා.

" මම හරිනම් මේ ලඟම කට්ටියක් ඉන්න ඕනි. "

මටම කියාගෙන මම එලියට බැහැලා මිදුල වටේම ඇවිද්දේ පිටිපස්සෙන් ඈතින් පේන කැලේ ඇතුලෙන් මම හොයන දේ දකින්න ලැබෙයිද කියලා හිතන ගමන්. මම හිතුවා වගේම ඈතින් පෙනුන කහ පාට ඇස් මාව දැකලා ටිකෙන් ටික පස්සට යන්න පටන් ගත්තා. තවත් වෙලා නොඉද මම ඒ ඇස් පස්සේ පැන්නුවේ දවස් ගානක ඉඳන් මගේ වටේ කැරකෙන්නෙ කවුද කියලා දැනගන්න ඕනිකමින්.එයා වේගවත් උනත් මම එයාට වඩා පස් ගුණයකින් විතර වේගවත් නිසා මට ගල්තලාවක් ලඟදී එයාව කොටු කරගන්න පුලුවන් උනා.

ඒත් මාව දැකලා එයා ගොඩක් යටහත් පහත් විදිහට ඔලුව පාත් කලා. එයාගේ ඇස් වල බයක් තිබුනා. තත්පර කීපෙකින් එයා මනුස්ස ස්වරූපෙට ආවා.

" කවුද එව්වේ ? මොකටද මගෙ වටේ කැරකෙන්නේ ? "

" ජිමින් එව්වේ "

" ජිමින් ? කොහොමද එයා දන්නේ මම මෙහේ ඉන්නව කියල ? ඔයා එක්ක තව කී දෙනෙක් ආවද ? "

ඒ එක්කම වට පිටාවෙන් හැංගිලා ඉඳපු බේටාලා අටක් විතර එලියට ඇවිත් මගේ ඉස්සරහා ඔලුව පාත් කරලා මිනිස් ස්වරූප වලට ආවා.

" මොකටද මගේ වටේ ඔත්තු බලන්නේ ? "

" ඇල්ෆා අපි ආවේ ඔයාව ආරක්ශා කරන්න "

" මාව ? "

" දේ.... "

" කාගෙන්ද ? "

" අපිට ජිමින් විස්තරයක් කීවෙ නෑ. ඒත් ජිමින් තාම ඉන්නේ බූසාන් වල. ජිමින් කිව්වා එයා ආයෙම එනකම් ඇල්ෆගේ ආරක්ශාව ගැන බලන්න කියලා "

මෙච්චර කල් පාලුවෙන් උනත් මම නිදහසෙන් ඉදපු කාලේ ආයෙම නැති වෙන්න යන නිසා මට ජිමින් ගැන දැනුනේ තරහක්. මට දැනුනා මගේ ඇඟ ඇතුලේ ඉන්න ඇල්ෆා එලියට එන්න හදන්නේ කියලා.ඒත් මම පුලුවන් උපරිමෙන් මාව පාලනේ කරගත්තා.මගේ ඇස් දිහා බලපු බේටලා ටිකෙන් ටික පස්සට යන්න ගත්තේ මම වෘක ස්‍වරූපෙට එන්න හදන එක ගැන බයෙන් වගේ.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now