🖤 Final Chapter 💠

535 143 101
                                    

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

" පෝලි...ඒක අමතක කරන්න "

එහෙම කියලා මම පෝලිගේ අතින් ෆයිල් එක අරගෙන ආයෙම කබඩ් එකට දාලා වැහුවා.

" ඔයා මෙච්චර වේදනාවක් ඉවසුවේ කොහොමද ? ඔයාට දැන් හොදයි නේද ? මට කියන්න ජින් දැන් ඔයාට හොදයි නේද ? "

" පෝලි.. ඒ දේවල් උනේ අවුරුදු ගානකට කලින්.දැන් මම හොදින්.බලන්න මම දැන් ඇවිදිනවා. "

මම මගේ කකුල් පෙන්නලා කියනකොට පෝලි මගේ කකුල් දෙක අල්ලගෙනම රූටගෙන බිම ඉදගත්තේ හයියෙන් අඬන ගමන්.

" පෝලි.... ඇයි මේ නැගිටින්න "

මම පෝලිව නැගිට්ටවලා මගේ අත් වලට ගත්තා.

" පේනවනේ.මට ඔයාව උස්සගෙන යන්නත් පුලුවන්.මම දැන් හොදින්. මැනික මම හොදින් "

" මම දන්නවා....ඔයා හොදින්. ඔයා ගොඩක් හොදින්. සරන්හේ ජිනා. චොම්මල් සරන්හේ "

" නදෝ සරන්හේ මැණික. අරස්සෝ දැන් අපි පහලට යමුද ? මේ ටිකේම රූම් එකේ ඉදන් තනියම කෑම කාලා කම්මැලීයි.අපි දෙන්නම උයමු. අද අපි දෙන්නා ගානේ සෝජුටයි කුකීටයි ඩිනර් එක "

" කජා "

පෝලි සතුටින් මගේ අතේ එල්ලුනේ හරියට පොඩි දරුවෙක් අප්පගේ ඇඟේ එල්ලෙනවා වගේ. හවස් වරුවම ගෙව්වුනේ කිචන් එකේ. පෝලිගේ කෝලම් එක්ක මේ මාස ගානටම ගෙවුන සතුටුම පැය කීපය තමයි ඒ.රෑ කෑම කාලා හැමදේම රෙඩි කරලා අපි සෝජුටයි කුකීටයි ඩිනර් වලට මේසෙට කතා කලා. කෑම මේසෙට යවනකම් අපි ඒ දෙන්නට පැත්තටවත් එන්න දුන්නේ නෑ.

" සෝජු කුකී දෙන්නම එන්න. ඩිනර් රෙඩී "

" වා....හ් අද ගොඩක් කන්න ඕනි "

හැමදාම වගේ සෝජු මගේ දිහා ආදරෙන් බලලා මාව අගේ කරලා මේසෙන් ඉදගත්තත් කුකී ඉදියේනම් එතරම් හොද මූඩ් එකක නෙමෙයි.

" කුකී....? හැමදේම හොදින් නේද ? "

" අහ්...දේ දේ හ්‍යුන්ග්. ඕමෝ.... බඩගින්න වැඩි උනා "

සෝජු එයාගේ ප්ලේට් එකට කෑම බෙදාගන්නකොට මම කුකීට කෑම බෙදුවා. හුඟ කාලෙකට පස්සේ අපි හැමෝම එකට කෑම ගත්තා. විශේශම දේ අපේ පවුලට අලුතින් එකතු වුන පෝලි. පෝලි නිසා අපේ ගෙදර කලින්ට වඩා සතුටින් තිබුනා.
.
.
.
.
.

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now