🖤 Chapter 01 💠

668 182 80
                                    

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠

කාර්‍යභහුල හවසක්...යාන්තම්න් වැටෙන හිම අතරින් මිනිස්සු ඒ මේ අත ගියේ පුදුම කලබලේකින්. දවසේ පැය විසි හතරෙන් මම අකමැතිම පැය කීපය තමයි ඉස්සරහට ගෙවෙන්න යන්නේ කියලා මතක් වෙනකොට මගේ හිතට දැනුනේ මහා පාලු මූසල හැඟීමක්.. ඔෆිස් එක මගේ සිහින නවාතැන වෙනකොට ගෙදර මම මේ ලෝකේ ඉන්න අකමැතිම තැන උනේ කාත් කවුරුත් නැති ඒ ලොකු ගෙදර කට්ට තනියම ඉන්න එක ඇත්තටම මට අපහසුවක් වුන නිසා. අවුරුදු 28 ක් වුන මට අත දිගෑරලා වියදම් කරන්න තරම් සල්ලි තිබුනත් මගේ ජීවිතෙන් වැඩි හරියක් ගෙවිලා ගියේ පාලුවෙන් තනිකමින්.

වීදුරුවෙන් එලියේ පේන ඒ මේ අත යන මිනිස්සු දිහා බලාගෙන බර කල්පනාවක වැටිලා ඉදපු මම වෙලාව බැලුවේ පුරුද්දට වගේ.වෙලාව හවස 5.30 යි.

" සෝජු...අද පලවෙනි හිම වැටීමද ? "

" දේ සර් "

" ම්ම්ම්ම්.... ඔයාට හිතෙන්නෙ නැත්ද වෙනසකටත් එක්ක කොහෙන් හරි නවත්තලා සෝජු ටිකක් බොන්න "

" සර් ? මගේ ජොබ් නැති කරන්නද හදන්නේ ? දන්නවනේ සර් මේ දවස්වල වෙන දේවල්. "

" යා....හ් අදට විතරක්....? "

" සර්... මම කියලා තියෙනවා මගේ ලඟ ඇවිටිලි කරන්න එපා කියලා.මම සර්ගේ සේවකයා. "

" අරස්සෝ එහෙනම් ඊලඟට හම්බවෙන රෙස්ටුවරන්ට් එක ලඟ වාහනේ නතර කරන්න.මේක ඔයාගේ බොස්ගේ අණක් "

සෝජුගේ කටින් පිටවුන වචනෙත් ප්‍රයෝජන ගන්න හිතාගෙන කියනකොට එයා මා දිහා අසරණ බැල්මක් දාලා ලොකු හුස්මක් පිට කලේ එයාටම බැනගන්න ගමන්.ටිකක් දුර යනකම්ම නිදහසේ සෝජු බොන්න පුලුවන් තැනක් හම්බුනේ නෑ.ඒත් ටික දුරක් යනකොට පොඩි කඩයක් හම්බුනා.ඒක බැලූ බැල්මට පොඩි රෙස්ටුවරන්ට් එකක්.සෝජු කට කොනින් හිනාවක් දාලා වාහනේ එතන නතර කලේ මම කීයටවත් මෙහෙම තැනකට යන්නෑ කියලා දන්න නිසා.ඒත් මෙතනට නොගියොත් වෙන කොතනකවත් වාහනේ නවත්තන්නෑ කියලා දන්න නිසා මම සෝජුගේ මූනේ තිබුනා වගේම හිනාවක් දාලා වාහනේ දොර ඇරියා.

" ස්....සර් බහින්නද හදන්නෙ ? "

" දේ....නැතුව සෝජු බොන්න බෑනෙ "

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now